
(ඩි.ජී.සුගතපාල)
රාජකාරිය පැහැර හැරිමේ චෝදනාව යටතේ පිටිගල පොලිසියේ දුරකතන ක්‍රියාකරු ලෙස සේවය කළ කොස්තාපල්වරයාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කර ඇතැයි ගාලු දිසා බාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.
මෙම කොස්තාපල්වරයා 26 වැනි දින සැකකරුවන් රඳවා තබා ගැනිමේ ලේඛනයේ තොරතුරු දිවයින පුරා පොලිස් ස්ථානවලට යවන ( A.M.I.S.)දත්ත පද්ධතියට ඇතුලත් කළ බවට ව්‍යාජ තොරතුරු ඇතුළත් කර ඇති බවට ස්ථානාධිපතිවරයාට අනාවරණය විමෙන් පසුව ඒ බව සහකාර පොලිස් අධිකාරිවරියට දැනුම් දි ඇත.
ඒ අනුව ඇල්පිටිය සහකාර පොලිස් අධිකාරි ඩිල්රුක්ෂි අල්ගෙවත්ත මහත්මිය පැමිණ අද සිට ක්‍රියාත්මක වන පරිදි එම කොස්තාපල්වරයාගේ සේවය අත් හිටවා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd