(හේමලතා ඩී හේවගේ)
වෙන්නප්පුව වයික්කාල මුහුදු තීරයේ රැල්ල පාගමින් සිටියදී මිය ගිය අනෙක් තරුණයාගේ සිරුර අද (12) මාඔය ආසන්නයේ ගොඩ ගසා තිබියදී සොයා ගත් බව වෙන්නප්පුව පොලිසිය පවසයි.
වයික්කාල මුහුදු තිරයේ රැල්ල පාගමින් සිටියදී එක් තරුණයක් රැල්ලට හසුවී ගසාගෙන යාමේ දී ඇය බේරා ගැනීමට ගිය තරුණයන් දෙදෙනා ද දියේ ගිලී මිය ගොස් තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ සඳලංකාව පදිංචි 15 හැවිරිදි වර්ණකුල සූරියගේ නදීර ගිම්සර තිසේරා , මාකඳුර පදිංචි 17 හැවිරිදි වර්ණකුල සූරියගේ කවීෂා සෙව්මිණි සහ සිංගක්කුලිය සඳලංකාව පදිංචි 21 හැවිරිදි වර්ණකුල සූරියගේ හේශාන් චාමර යන තිදෙනාය.
සිද්ධිය සම්බන්ධයෙන් වෙන්නප්පුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd