IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


පත්ඉරු ගැලවූ දෙදෙනෙකු රිමාන්ඩ්

(ඩී.ජී.සුගතපාල)
 
ගාල්ල දිස්ත්‍රික් ඉඩම් ලියාපදිංචි කාර්යාලයේ  පත්ඉරු ගලවා ව්‍යාජ ඔප්පු සකස් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටි සැකකාරියක සහ සැකකරුවකු ලබන 23 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල අද (09)මහතා නියෝග කළේය.
 
මෙසේ බන්ධනාගාර ගත කරනු ලැබුවේ  කහතුඩුව දියගම පාර පදිංචි ගාල්ලගේ නිමල්කා තිළිණි ප්‍රනාන්දු (42) සහ හෝමාගම උඩුවන පදිංචි  හිරිපිටියගේ සහන් චමින්ද (48) යන අයයි.
 
ඉඩම් ලියාපදිංචි කාර්යාලයේ පත් ඉරු පරීක්ෂා කිරීමට නීතිඥවරයෙකුගේ බලය පැවරූ ලිපි ව්‍යාජ ලෙස සකස් කරගෙන එහි පැමිණ ඇති බවද, පත්ඉරු පරීක්ෂා කරන මුවාවෙන් ඔවුන් පත්ඉරු ගලවාගෙන ගොස් එහි භූමි ප්‍රමාණය වැඩියෙන් සටහන්කර නැවත පොත්වල අලවා ඇති බවද, ගාල්ල දිස්ත්‍රික් ලේකම්වරයාගේ උපදෙස් පරිදි අතිරේක ඉඩම් රිජිස්ටාර්වරයෙකු පොලිසියට දන්වා ඇත.
 
මෙම සැකකරු සහ සැකකාරිය ගලවාගෙන යන ලද පත් ඉරු නැවත වෙළුමේ ඇලවීමට දෙසැම්බර් 19දින පැමිණ ඇතත් ඉඩම් ලියාපදිංචිකිරීමේ නිලධාරීන් අධීක්ෂණයේ සිටීම නිසා එය ඉටු කරගත නොහැකිව ගොස් ඇත. ඉකුත් 3 වන දින එසේ පත්ඉරු ඇලවීමට පැමිණි අවස්ථාවේ  රැකවලෙහි සිටි බුද්ධි අංශයේ නිලධාරීන් පිරිසක් ඔවුන් අත් අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ සඳහා විශේෂ අපරාධ විමර්ශන අංශයට බාරදෙන ලදී.

එම දෙදෙනා පැමිණි මෝටර් රථයද පොලිස් බාරයට ගෙන ඇත.
 
විමර්ශනවලදි අනාවරණයවි ඇත්තේ පත්ඉරු හොරෙන් ගලවා ගෙන ගොස් ඒවායේ භූමි ප්‍රමාණය වැඩියෙන් සඳහන් කර නැවත පොතේ අලවා ඒවාට ව්‍යාජ ඔප්පුද සකස්කර ඇති බවය. ඒ සඳහා විවිධ පුද්ගලයින්ගෙන් විශාල වශයෙන් මුදල් ලබාගෙන ඇති බවත් අනාවරණය වී තිබේ. ඔවුන් සන්තකයේ තිබී මීගමුව සහ ගම්පහ ප්‍රදේශවල  නීතීඥවරුන් දෙදෙනෙකුගේ  නිල මුද්‍රා දෙකක්ද පොලිසිය සොයාගෙන ඇත.
 
අක්මීමණ, බද්දේගම, පින්නදූව ආදි ප්‍රදේශවල ඉහළ වටිනාකමින් යුත් ඉඩම්වල පත් ඉරු මෙසේ ගලවාගෙන ගොස් ඇති අතර දිස්ත්‍රික් ඉඩම් ලියාපදිංචි කාර්යාලයේ සේවය කරන අයෙකුගේ ඉඩමකට අයත් පත් ඉරුවක්ද ගලවාගෙන ගොස් තිබූ පත්ඉරු අතර වන බවද පොලිසිය පැවසීය.
 
මෙම සැකකරුවන් දෙදෙනා අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට 4 වන දින වැඩබලන මහේස්ත්‍රාත් ලලිත් පතිරණ මහතා නියෝග කර තිබිණි. අද ඔවුන්ව අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී යළි රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝගකෙරිනි.
 
ගාල්ල පොලිස් අධිකාරවරයාගේ උපදෙස් පරිදි විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.එස්.එල් නාරංගොඩ මහතාගේ උපදෙස් පරිදි උප පොලිස් පරීක්ෂක උදය සාන්ත, සැරයන් බණ්ඩාර(186)යන මහත්වරුන් විසින් පැමිණිල්ල මෙහෙයවන ලද අතර සැකකරුවන් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ සිසිර වීරසූරිය මහතා ඇතුළු නීතීඥවරු පිරිසක් පෙනී සිටියහ.
 



අදහස් (0)

පත්ඉරු ගැලවූ දෙදෙනෙකු රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 27 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 875 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2508 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site