හම්බේගමුවේදී අල්ලසක් ගන්න ගිය දෙන්නෙක් අත්අඩංගුවට
ජනාධිපති ලේකම් කාර්යාලය මගින් ලබා දෙන නිවාස ආධාරයක් සහ ශිෂ්‍යත්වයක් ලබා දෙන බව පවසමින් තණමල්විල හම්බෙගමුව අලූත්වැව පාර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුගෙන් රුපියල් 5,000 අල්ලසක් ලබා ගැනීමට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු යතුරු පැදියකුත් සමඟ අද (5) අත්අඩංගුවට ගෙන ඇතැයි හම්බෙගමුව පොලීසිය පවසයි.