දිවුලපිටිය විදුහලක නියෝජ්‍ය විදුහල්පතිනියකට එරෙහිව විරෝධයක් දිවුලපිටිය කුඩගම්මන මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිනියට එරෙහිව එම පාසලේ සිසුන්ගේ මව්පියවරු පිරිසක් අද(07) විරෝධතාවක නිරතවූහ. 07 January 2020
පොලිස් අණ නොතකා පලා ගිය වෑන් රිය කුඹුරට පෙරැළෙයි පොලිස් අණ නොතකා පලා යමින් සිටි වෑන් රථය කිලෝ මීටර් 12 ක් පසු පස තබාගොස් මීගහතැන්න ප්‍රදේශයේ දී කුඹුරකට පෙරැළීමත් සමඟ එහි රියදුරු අද (7) අත්අඩංගුවට ගත් බව කිනියාවල පොලිසිය පවසයි. 07 January 2020
ලක්ෂ දෙකක රන් භාණ්ඩ සොරාගත් අයෙකු අත්අඩංගුවට බණ්ඩාරගම යටියන ප්‍රදේශයේ නිවසකින් රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා රන් භාණ්ඩ සොරාගත් පුද්ගලයකු අද(07) අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි. 07 January 2020
හොරෙන් වැලි ගබඩා කළ අයෙක් අත්අඩංගුවට ගබඩා කිරීමේ බලපත්‍රයක් නොමැතිව නීතිවිරෝධී අයුරින් වැලි කියුබ් 20 කට ආසන්න ප්‍රමාණයක් ගබඩා කරගෙන සිටි බතලයාය ප්‍රදේශයේ පුද්ගලයකු එම වැලි තොගය ද සමඟ අද (7) අත්අඩංගුවට ගත් බව ගිරාදුරුකෝට්ට පොලිසිය පවසයි. 07 January 2020
බලන්ගොඩ නිවසකින් මළ සිරුරක් සොයාගැනේ බලන්ගොඩ බෝම්බුව ප්‍රදේශයේ නිවසක තිබී තරුණයකුගේ මළ සිරුරක් අද(07) සොයාගත් බව පොලිසිය කියයි. 07 January 2020
සබරගමුවේ පාසල් 160 කට නව විදුහල්පතිවරු සබරගමුව පළාත තුළ විදුහල්පති පුරප්පාඩු සපුරමින් පාසල් 160 ක් සඳහා නව විදුහල්පතිවරුන් පත්කිරීමට සබරගමුව පළාත් සභාව පියවර ගෙන ඇත. 07 January 2020
සෝලා පැනල වලින් ජනනය කරන විදුලිය සඳහා ලංවීම ගෙවීම් සිදුකර නෑ වහලය මත සවිකර තිබෙන සෝලා පැනල වලින් ජනනය කරන විදුලිය සඳහා ලංකා විදුලිබල මණ්ඩලය මාස ගණනාවක සිට ගෙවීම් නොකර පැහැර හරිමින් සිටින බවට නිවාස හිමියෝ චෝදනා කරති. 06 January 2020
අමරපුර නිකායේ සිරිසුමන පාර්ශවයේ අනුනායක හිමියෝ අපවත් වෙති ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ සිරි සුමන පාර්ශවයේ අනු නායක, මාතලේ යටවත්ත දිවිල්ල ශ්‍රී ධර්මවර්ධනාරාමාධිපති මහෝපාධ්‍ය දිවිල්ලේ ශ්‍රී දේවරක්ඛිතභිධාන අනුනායක ස්වාමීන් වහන්සේ අපවත්වූහ. 06 January 2020
උතුරු දුම්රියේ ගැටී තරුණයෙක් මරුට වව්නියාව මූන්රිමුරිප්පු තේක්කවත්ත ප්‍රදේශයේ දී දුම්රියේ ගැටී තරුණයෙක් අද (6) මිය ගිය බව වව්නියාව පොලීසිය පවසයි. 06 January 2020
ආචාර්ය මංජුල සුමිත් මාගමගේ පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති ධූරයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ආචාර්ය මංජුල සුමිත් මාගමගේ මහතා පත් කර ඇත. 06 January 2020
බෙලි ගෙඩි කැඩීමට ගිය අයෙක් ගසෙන් වැටී මරුට පානදුර පමුණුගම ඉඩමකදී, බෙලි ගෙඩි කැඩීමට ගසකට නැගුණු පුද්ගලයකු අද(06) ගසින් වැටී මියගොස් ඇතැයි පානදුර පොලිසිය කියයි. 06 January 2020
සබරගමු සරසවියේ පීඨයක් පොලිතීන්වලින් තොර කලාපයක් කෙරේ සබරගමු විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය පොලිතීන්, ප්ලාස්ටික් ඇතුළු නොදිරන සහ පරිසර අහිතකර දෑ වලින් තොර කලාපයක් කිරීමේ පළමු පියවර තැබූ බව පීඨාධිපති ආචාර්ය අතුල ඥානපාල මහතා පැවසීය. 06 January 2020
මහරගම ඇතුළු ප්‍රදේශ රැසකට හෙට ජල කප්පාදුවක් කලටුවැව ජලාශයෙන් ජලය සැපයෙන ප්‍රධාන ජලනල මාර්ගයේ අලුත්වැඩියාවන් හේතුවෙන් මහරගම ඇතුළු ප්‍රදේශ ගණනාවකට හෙට (7) පෙරවරු 9.00 සිට පසුදින (8) පෙරවරු 9.00 දක්වා පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය පවසයි. 06 January 2020
මාර්ගයේ බර වාහන ගමන් කිරීම නවත්වන්නැයි පිටබැද්දර ගම්වාසීහු පාරට බසිති පිටබැද්දර , දං කොලුව රාජවත්ත හරහා සියඹලාගොඩ බටහිර වැඩ නිම නොකළ කාපට් මාර්ගයේ ටොන් පහට වඩා වැඩි බර වාහන රාජවත්ත ප්‍රදේශයේ ගල් මෝලක් වෙත ගමන් කිරීම හේතුවෙන් මාර්ගය ආරම්භයේ තිබෙන පාලම සහ මාර්ගය අබලන් යැයි පවසා ඊට එරෙහි ව ගම්වාසීහූ අද (06) ගල් මෝල ඉදිරිපිට විරෝධතාවයක නියැලුණහ. 06 January 2020
කල්පිටිය පොලිස් ස්ථානාධිපතිගේ මාරුවට විරෝධයක් කල්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයාට ලබා දී ඇති ස්ථාන මාරුව වහා අත්හිටුවන ලෙස ඉල්ලා, එම පොලිස් ස්ථානය ඉදිරිපිටදී ප්‍රදේශවාසීහු අද(06) විරෝධතාවක නිරත වූහ. 06 January 2020
පාසල් සිසුවාට පහරදුන් කත අත්අඩංගුවට ගිරාඳුරුකෝට්ට පොලිස් වසමට අයත් ගල්පෝරුයාය ප්‍රදේශයේ දී පාසල් සිසුවකුට පහර දුන් බව කියන එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 51 කාන්තාවක් අද (7) සැකපිට අත්අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 06 January 2020
බඹරු ඇනීමෙන් සිව් දෙනෙක් රෝහලේ මස්කෙළිය, සාමිමලේ, ඕල්ටන් තේවතුයායේ තේදළු නෙළමින් සිටි වතු කම්කරු කාන්තාවන් පිරිසකට අද (6) බඹරු ඇනීමෙන් සිව් දෙනෙකු තුවාල ලබා මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබේ. 06 January 2020
මඩකලපුවේ කාන්තාවෝ වීදි බසිති නින්දවූර්හි රාජ්‍ය සේවිකාවකට රාජකාරි වේලාවේදී පහරදීමට එරෙහිව මඩකලපුව දිස්ත්‍රික්ක කාන්තා එකමුතුවේ සාමාජිකාවෝ කල්ලඩි ප්‍රදේශයේදී අද(06) විරෝධතාවක් පැවැත්වූහ. 06 January 2020
ගංජා සමඟ පුද්ගලයකු අත්අඩංගුවට වැල්ලවාය කොන් 07 පරලූවැව ඉස්මස්තේ සිදු කළ විශේෂ වැටලීමටකදී වියළි ගංජා කිලෝග්‍රෑම් 8 ග්‍රෑම් 830 ක් ළඟ තබා ගෙන සිටි පුද්ගලයකු අද (6) අත්අඩංගුවට ගත් බව වැල්ලවාය පොලීසිය පවසයි. 06 January 2020
වීසා නැතිව සිටි ඊශ්‍රායල් කතක් අත්අඩංගුවට විසා බලපත්‍රයක් නොමැතිව මෙරට රැදී සිටි ඊශ්‍රායල් ජාතික කාන්තාවක අද (6) අහංගම වැල්හේන්ගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව අහංගම පොලිසිය පවසයි. 06 January 2020
වීසා බලපත් නොමැති විදෙස් මව හා පුතු අත්අඩංගුවට ආගමන විගමන පනත උල්ලංඝනය කරමින් වීසා බලපත්‍ර නොමැතිව මෙරට රැඳී සිටි ස්විට්සර්ලන්ත ජාතික මවක හා පුතෙකු අත්අඩංගුවට ගත්බැව් හික්කඩුව පොලිසිය පවසයි. 06 January 2020
යාපනය සංගිලි මාළිගයට විශේෂ අවධානය යාපනය සංගිලි මාළිගය හා ඒ අවට පුරා විද්‍යා සංරක්ෂිත ස්ථාන පෙම්වතුන් හා විවිධ පුද්ගලයින්ගේ විනෝද වීමේ මධ්‍යස්ථානයක් බවට පත්ව ඇති නිසා වහාම ඒ පිළිබඳ අවධානය යොමු කරන ලෙස යාපනය නල්ලුර් ප්‍රාදේශිය සභාව විසින් සියලු වගකිව යුත්තන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. 06 January 2020
රිදීමාලියද්දේදී සිදුවූ යතුරු පැදි අනතුරකින් අයෙකු මරුට රිදීමාලියද්ද ඇකිරියන්කුඹුර ප්‍රධාන මාර්ගයේ ධාවනය වූ යතුරු පැදියක් අද (05) මිරහැව ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවත පැන පෙරලී ගොස් අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් තරුණයින් දෙදෙනෙකු බරපතල තුවාල ලබා බිබිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඉන් එක් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි රිදීමාලියද්ද පොලිසිය පැවසීය. 05 January 2020
යතුරු පැදි දෙකක් එකිනෙකට ගැටී අයෙක් මරුට යක්කලමුල්ල අකුරැස්ස මාර්ගයේ අද (04) යතුරු පැදි දෙකක් මුහුණට මුහුණලා ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරු පැදිකරුවෙකු මියගොස් ඇතැයි යක්කලමුල්ල පොලිසිය පැවසීය. 05 January 2020
පාපැදිය ලිස්සා තාප්පයක හැපී දැරිය මරුට පාපැදියක් පදිමින් සිටියදී එය ලිස්සා ගොස් මාර්ගය අසළ තිබූ තාප්පයක ගැටීමෙන් අද (5) සිදු වූ අනතතුරින් බරපතල තුවාල ලැබූ 15 හැවිරිදි දැරියක් හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇතැයි හංවැල්ල පොලිසිය පවසයි. 05 January 2020
මැණික් ව්‍යාපාරිකයෙකුගේ ඝාතනයට 4 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගාල්ල තලාපිටිය ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයකු ඝාතනය කිරිමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගත්බැව් ගාල්ල පොලිසිය පවසයි. 05 January 2020
ගව රංචුවක ගැටුණු යතුරුපැදිකරු මරුට පුත්තලම පරණ මන්නාරම මාර්ගයේ මනතිව් ප්‍රදේශයේ දී අද ( 5 ) ගවයින් රංචුවක ගැටුණ යතුරු පැදි කරුවකු මරණයට පත්ව ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය පවසයි. 05 January 2020
හම්බේගමුවේදී අල්ලසක් ගන්න ගිය දෙන්නෙක් අත්අඩංගුවට ජනාධිපති ලේකම් කාර්යාලය මගින් ලබා දෙන නිවාස ආධාරයක් සහ ශිෂ්‍යත්වයක් ලබා දෙන බව පවසමින් තණමල්විල හම්බෙගමුව අලූත්වැව පාර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුගෙන් රුපියල් 5,000 අල්ලසක් ලබා ගැනීමට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු යතුරු පැදියකුත් සමඟ අද (5) අත්අඩංගුවට ගෙන ඇතැයි හම්බෙගමුව පොලීසිය පවසයි. 05 January 2020
රිය අනතුරකින් පුද්ගලයෙක් මරුට කැකිරාව තිබ්බටුවැව ප්‍රදේශයේ සංකුරා හන්දියේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයකු මියගොස් ඇත. 05 January 2020
පත්ඉරු සොරාගෙන ව්‍යාජ ඔප්පු තැනූ දෙදෙනෙකු රිමාන්ඩ් ගාල්ල දිස්ත්‍රික් ඉඩම් රෙජිස්ටාර් කාර්යාලයේ පත්ඉරු පොත්වල පත්ඉරු සොරකම් කරගෙන ගොස් ඒවායේ භුමි ප්‍රමාණයන් වෙනස් කර ව්‍යාජ ඔප්පු සකස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද සැකකාරිය සහ සැකකරු 9 වන දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට ගාල්ල වැඩ බලන මහේස්ත්‍රාත් ලලිත් පතිරණ මහතා අද (04) නියෝග කළේය. 04 January 2020
ශ්‍රී පාද පිවිසුම් මාර්ග පවිත්‍ර කරයි ශ්‍රී පාද පූජා භූමියේ නල්ලතන්නිය සහ රත්නපුර ප්‍රවේශ ආශ්රිත එක් දින ශ්‍රමදාන වැඩසටහන අද (19) සාර්ථකව ආරම්භ විය... 19 February 2026