( ඩී.කේ.රත්න )
වැල්ලවාය කොන් 07 පරලූවැව ඉස්මස්තේ සිදු කළ විශේෂ වැටලීමටකදී වියළි ගංජා කිලෝග‍්‍රෑම් 8 ග‍්‍රෑම් 830 ක් ළඟ තබා ගෙන සිටි පුද්ගලයකු අද (6) අත්අඩංගුවට ගත් බව වැල්ලවාය පොලීසිය පවසයි.
තණමල්විල කොමලිගම අංක 42/1 ලිපිනයේ පදිංචි වයස අවුරුදු 42 පුද්ගලයකු වැල්ලවාය පොලීසිය විසින් මෙසේ ගංජා සමග අත්අඩංගුවට ගනු ලැබ ඇත.
වැල්ලවාය පොලීසියේ බුද්ධි අංශයේ නිළධාරීන්ට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව වැල්ලවාය පොලීසියේ නිළධාරීන් පිරිසක් විසින් මෙම විශේෂ වැටලීම සිදු කර තිබේ.
අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා වැල්ලවාය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd