(නිශාන්ත කුමාර)
රිදීමාලියද්ද ඇකිරියන්කුඹුර ප්‍රධාන මාර්ගයේ ධාවනය වූ යතුරු පැදියක් අද (05) මිරහැව ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවත පැන පෙරලී ගොස් අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් තරුණයින් දෙදෙනෙකු බරපතල තුවාල ලබා බිබිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඉන් එක් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි රිදීමාලියද්ද පොලිසිය පැවසීය.
අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රිදීමාලියද්ද කඩපැල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 20 ක තරුණයෙකි.
අනතුරින් බරපතල තුවාල ලැබූ අනෙක් තරුණයා බිබිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල මහ රෝහල වෙත මාරුකර යැවීමට කටයුතු කළ බවද පොලිසිය පැවසීය.
අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර රිදීමාලියද්ද පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
2025 නොවැම්බර් මස 17
33
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
875
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2509
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
රිදීමාලියද්දේදී සිදුවූ යතුරු පැදි අනතුරකින් අයෙකු මරුට