(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
මස්කෙළිය, සාමිමලේ, ඕල්ටන් තේවතුයායේ තේදළු නෙළමින් සිටි වතු කම්කරු කාන්තාවන් පිරිසකට අද (6) බඹරු ඇනීමෙන් සිව් දෙනෙකු තුවාල ලබා මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබේ.
රෝහල් ගත කරන ලද තුවාලකරුවන්ගෙන් තිදෙනෙක් බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබාගෙන පිටව ගොස් ඇත.
බඹරු ඇනීමෙන් බරපතල තත්වයේ සිටි අයෙක් නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් මස්කෙළිය රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය.
තමන් තේ වතුයායේ, දෛනික වැඩ මුරයේ තේ දළු නෙළමින් සිටියදී තේ පඳුරක බැඳ තිබූ බඹර කූඩුවක් ඇවිස්සී තමන්ට පහර දුන් බව තුවාල ලබා සිටින වතුකම්කරුවන් පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd