(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
මස්කෙළිය, සාමිමලේ, ඕල්ටන් තේවතුයායේ තේදළු නෙළමින් සිටි වතු කම්කරු කාන්තාවන් පිරිසකට අද (6) බඹරු ඇනීමෙන් සිව් දෙනෙකු තුවාල ලබා මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබේ.
රෝහල් ගත කරන ලද තුවාලකරුවන්ගෙන් තිදෙනෙක් බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබාගෙන පිටව ගොස් ඇත.
බඹරු ඇනීමෙන් බරපතල තත්වයේ සිටි අයෙක් නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් මස්කෙළිය රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය.
තමන් තේ වතුයායේ, දෛනික වැඩ මුරයේ තේ දළු නෙළමින් සිටියදී තේ පඳුරක බැඳ තිබූ බඹර කූඩුවක් ඇවිස්සී තමන්ට පහර දුන් බව තුවාල ලබා සිටින වතුකම්කරුවන් පවසයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
බඹරු ඇනීමෙන් සිව් දෙනෙක් රෝහලේ