
ඊශ්‍රායලයේ ආර්ථිකය ශක්තිමත් බවත්, තවදුරටත් ඇමෙරිකාව මත යැවීමට අවශ්‍ය නොවන බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පවසයි.
ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවැසුවේ, ඉදිරියේ දී ඇමෙරිකාවෙන් මූල්‍ය ආධාර ලබා ගැනීම මුළුමනින්ම නැවැත්වීමට පියවර ගන්නා බව ඊශ්‍රායල වැසියන්ට අවධාරණය කරමිණි.
‘මා කැමතියි ඊශ්‍රායලය ඇමෙරිකාවෙන් ලබා ගන්නා මූල්‍ය ආධාර නවත්වන්න. අප (ඊශ්‍රායලය) කාගෙත්වත් යැපෙන්න අවශ්‍ය නැහැ. අප ඇමෙරිකාවේ මූල්‍ය ආධාරවලින් යැපෙන නිසා, ඇමෙරිකාවේ ගැතියෙකු යැයි බොහෝ දෙනා සිතනවා. ඒ නිසා එසේ විය යුතු නැහැ’ යැයි නෙදන්යාහු පැහැදිලි කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd