IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


ආචාර්ය මංජුල සුමිත් මාගමගේ පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති ධූරයට

(ප්‍රින්ස් රත්නායක)


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ   උපදෙස් පරිදි ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ආචාර්ය මංජුල සුමිත් මාගමගේ මහතා පත් කර ඇත.
 
ආචාර්ය මංජුල සුමිත් මා ගමගේ මහතා පේරාදෙණිය විද්‍යාලයේ පශුවෛද්‍ය වේදය පිළිබඳ විශේෂ උපාධිය ලබා ගැනීමෙන් පසු ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලෙය්  විසි වසරක ට අධික කාලයක් සේවය කරන අතර ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨ පීඨාධිපති වරයා ද වේ. පශු වෛද්‍ය විද්‍යාව, සත්ව පාලනය, සත්ව නිෂ්පාදනය, සත්ව ප්‍රජනන ජෛව තාක්ෂණය සම්බන්ධ මනා   ප්‍රවීණත්වයෙන් හෙබි විශේෂඥයෙකි.
 
ආචාර්ය මාගමගේ මහතා  ජපානයේ කෝබේ විශ්ව විද්‍යාලෙයෙන් සිය   දර්ශනශූරී සහ දර්ශනපති උපාධිය ලබාගත් අතර ඇමරිකාවේ නෙබ්‍රෙස්කා විශ්වවිද්‍යාලයේ, කැනඩාවේ කැල්ගරි විශ්වවිද්‍යාලය, ඕස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්වවිද්‍යාලය, ඉන්දියාවේ ජාතික සත්ව ජෛව තාක්ෂණ ආයතනය, සහ ඉන්දියාවේ පසු පර්යේෂණ ආයතන වැනි ආයතනයන් හි සිය පර්යේෂණ කටයුතු මෙහෙයවූ විෂය ප්‍රවීණයෙකි.
 
පශු නිෂ්පාද සංවර්ධනය සම්බන්ධව විශාල උනන්දුවක් දක්වා ඇති ආචාර්ය ගමගේ මහතා තවමත් විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යාපීඨ පීඨාධිපතිවරයා ලෙස කටයුතු කරනු ලබයි.
 
දැනට දිනකට මිලියනයකට අධික පාඩුවක් ලබන ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය ජනපති උපදෙස්  පරිදි අමාත්‍යංශය  අධීක්ෂණය යටතේ නැවත නගා සිටුවීමට එහි වගකීම් පවරමින් ආචාර්ය මණ්ඩල මහතා වෙත මෙම පත්වීම් සිදුකර ඇත. රජයක් මගින්  පාලනය වන ලොව ඇති විශාලතමතම කිරි ගොවිපල වන රිදියගම ගොවිපල පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ  ඇති ගවයින් දෙදහස් අටසියයක් පමණ සිටින ශ්‍රී ලංකාවේ ඇති විශාලතම කිරි ගොවිපල වේ.

මෙය ඇතුළු ගොවිපල 31 ප්‍රමාණයක් පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සතුව ඇත. මෙම පසුසම්පත් මන්ඩලය සතුව පවතින ගොවිපලවල් නගාසිටුවීමේ ජාතික සංවර්ධන ඉලක්ක කරා මෙහෙයවීමට අවශ්‍ය දැනුම, විෂය දැනුම, ප්‍රවීණත්වය සහ භාවිතයන් තුළින් එම් ඉලක්ක කරලා ළඟා කර ගැනීමට ආචාර්ය මංජුල සුමිත් මා ගමගේ මහතා වෙත මෙම පත්වීම් සිදුකර ඇති බවට අනාවරණය කරයි.



අදහස් (0)

ආචාර්ය මංජුල සුමිත් මාගමගේ පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති ධූරයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 33 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 875 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2509 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site