
(ඇල්ල ප්‍රසාද් රුක්මල් )
ඇල්ල නගරයේ සංචාරක හෝටලයක සංවිධානය කර තිබු ෆේස් බුක් සාදයකට පැමිණි තරුණයන් 15 දෙනකු හෑෂ් ,කුශ් මත්ද්‍රව්‍යය සහ මත්පෙති තොගයක් සමග අද (5) අත් අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල කොට්ඨාස විශේෂ වැටලීම් ඒකකය පවසයි .
මෙම සාදය සදහා මෙම තරුණ පිරිස විසින් ගෙනා කුශ් මත්ද්‍රව්‍යය මිළිග්රෑම් 8800ක්,හෑෂ් මත්ද්‍රව්‍ය මිළිග්රෑම් 1650ක්, දුම්වැටි 15ක් සහ මත්පෙති 160ක් අත් අඩංගුවට ගනු ලැබිනැයි පොලිසිය කීය .
ගම්පොළ ,ඇල්ල,වලස්මුල්ල ,දෙමෝදර ,වැල්ලවාය ,බදුල්ල,මාතලේ,ඕපාත යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 22-35 අතර වයසේ පසුවන පිරිසක් මෙසේ අත් අඩංගුවට ගනු ලැබිනැයි පොලිසිය පැවසීය .
ඇල්ල ප්‍රදේශයේ පදිංචි තරුණයකු විසින් මුහුණු පොතේ මෙම ෆේස් බුක් සාදය ඇල්ල නගරයේ වැල්ලවාය මාර්ගයේ ප්‍රසිද්ධ සංචාරක හෝටලයක සංවිධානය කර අද (5) දින පැවත්වීමට නියමිතව තිබී ඇතයි ද පොලිසිය සදහන් කලේය .
මෙම තරුණ පිරිස අද(5) ෆේස් බුක් සාදය සදහා මත්ද්‍රව්‍යය රැගෙන සංචාරක හෝටලයට පැමිනි අවස්ථාවේම ලැබුනු තොරතුරක් මත සිව්ල් ඇදුමින් සැරසී සංචාරක හෝටලය අසල රැකවලෙහි නිරතව සිටි බණ්ඩාරවෙල කොට්ඨාස විශේෂ වැටලීම් ඒකකයේ නිළධාරින් මත්ද්‍රව්‍යය සමග තරුණයන් පිරිස අත් අඩංගුවට ගත් බවද පොලිසිය පවසයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙලෙස රටේ මත් ද්‍රව්‍ය භාවිතා කරන උදවිය අත් අඩංගුවට ගත්තොත් වෙන්නේ මේ අය දාන්න රටේ බන්ධනාගාර හිඟවීමයි. සැබවින්ම මුලින්ම කළයුත්තේ මත්ද්‍රව්‍ය රට තුළට පැමිණීම වැළැක්වීමයි...