යතුරු පැදියෙන් ගංජා ගෙනගිය දෙදෙනා අත්අඩංගුවට යතුරු පැදියකින් ගංජා පාර්සලයක් ප්‍රවාහනය කරමින් සිටි තරුණයින් දෙදෙනෙකු අද (04) දහවල් මහියංගන - රත්කිඳ ප්‍රධාන මාර්ගයේ කෝන්ගස්හංදිය අසලදී ඔවුන් සතුව තිබූ ගංජා පාර්සලය සහ යතුරු පැදියද සමග අත්අඩංගුවට ගත් බව ගිරාඳුරුකෝට්ටේ පොලිසිය පවසයි. 04 January 2020
සිසුවෙකුට පහර දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගිරාඳුරුකෝට්ටේ පොලිස් වසමට අයත් රත්කිඳ ප්‍රදේශයේදී පාසල් සිසුවෙකුට පහර දී තුවාල සිදු කළ පුද්ගලයෙකු අද (04) දහවල් සැකපිට අත්අඩංගුවට ගත් බව ගිරාඳුරුකෝට්ටේ පොලිසිය පවසයි. 04 January 2020
පඩි පෙලින් වැටී තුවාල ලැබූ පාසල් සිසුවා මියයයි පාසලේ පඩි පෙලින් වැටි තුවාල ලබා මාස 2කට ආසන්න කාලයක් කරාපිටිය රෝහලේ ළමා දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි 6 හැවිරිදි පාසල් සිසුවෙකු අද (04) මියගොස් තිබේ. 04 January 2020
වන අලියකුගේ මළ සිරුරක් තණමල්විල උඩවලව මාර්ගයේ 13 කණුව අසල උඩවලව රක්ෂිතයේ තිබී අභිරහස් අන්දමින් මියගිය වන අලියකුගේ මළ සිරුරක් අද (04) උඩවලව වනජීවී නිලධාරීන් විසින් සොයා ගෙන ඇතැයි තණමල්විල පොලිසිය පවසයි. 04 January 2020
නීතිවිරෝධී ලෙස දුම්වැටි තොගයක් ගෙන ආ දෙදෙනෙකු අත්අඩංගුවට විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් අබුඩාබි සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු අද (04) අලුයම කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය. 04 January 2020
විදුලි සැර වැදීමෙන් 15 හැවිරිදි දැරියක් මරුට විදුලි සැර වැදීමෙන් ගිංතොට කතරගම දේවාලය අසල 15 හැවිරිදි ගැහැණු දරුවෙක් අද (03) මියගිය බව ගාල්ල පොලිසිය කියයි. 03 January 2020
දුම්කුඩු පැකට් 37 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගංජා මිශ්‍ර දුම්කුඩු පැකට් නිෂ්පදනය කරමින් සිටි පුද්ගලයෙකු අද (03) ගාල්ල පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. 03 January 2020
හොර ඔප්පු හදා ඉඩම් විකිණූ යුවළක් අත්අඩංගුවට දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි පිහිටි ඉඩම් හි විශාලත්වයන් ව්‍යාජ ලෙස සකස් කර ඔප්පු සාදා වංචාකාරි ලෙස විකිණීම සිදුකළ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් අද (3) ගාල්ල දිස්ත්‍රික් ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ දී සැකපිට අත් අඩංගුවට ගත් බව ගාල්ල පොලීසිය කියයි. 03 January 2020
මොරොන්තුඩුවේ රිය අනතුරකින් 4 ක් මරුට මොරොන්තුඩුව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් සිව්දෙනෙකු මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි. 03 January 2020
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජනරාල් වැඩ අරඹයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නව අධ්යක්ෂ ජෙනරාල් වශයෙන් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා අද (03) වැඩ බාරගත්තේය. 03 January 2020
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ නව සභාපති වැඩ අරඹයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා අද (03) විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේදී සිය රාජකාරී ආරම්භ කළේය. 03 January 2020
කල්ලඩියේ රිය අනතුරකින් අයෙක් මරුට මඩකලපුව කල්ලඩි සිවාන්නදා විද්‍යාලය අසළදී අද(03) මෝටර් රථයක ගැටීමෙන් අයෙකු මිය ගොස් තිදෙනෙකු තුවාල ලබා තිබේ. 03 January 2020
ගවයින් සොරාගෙන මසට විකිණූ අයෙකු අත්අඩංගුවට ගිරාදුරුකෝට්ටේ හා ඒ අවට ප්‍රදේශවලින් ගවයින් සොරාගෙන මසට විකිණීමේ ජාවාරමක් සම්බන්ධයෙන් පොලිසිය මග හරිමින් සිටි පුද්ගලයෙකු අද (03) මහියංගන ගම් උදා භූමිය අසළදී සැකපිට අත්අඩංගුවට ගත් බව ගිරාදුරුකෝට්ටේ පොලිසිය පවසයි. 03 January 2020
තේක්ක දැව කඳන් 8ක් සමඟ අයෙකු අත්ඩංගුවට ගිරාඳුරුකෝට්ටේ දිවුලපැලැස්ස ප්‍රදේශයේ ඉඩමක බලපත්‍ර නොමැතිව තේක්ක ගසක් ඉරමින් සිටි පුද්ගලයෙකු එම දැව කඳන් 8ක් සමඟ අද (03) සැකපිට අත්අඩංගුවට ගත් බව ගිරාදුරුකෝට්ටේ පොලිසිය පවසයි. 03 January 2020
අපරාධකරුවන්ට ආයුධ අලෙවි කළ දෙදෙනෙකු අත්අඩංගුවට ගිනි අවි සහ ආයුධ නිෂ්පාදනය කර අපරාධකරුවන්ට අලෙවිකරන ස්ථානයක් වටලා කුරුවිට ප්‍රදේශයේදී දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකා සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය කියයි. 03 January 2020
කල්පිටිය කුඩාව වෙරළ තීරයේ කඩොලාන සිටුවීමේ ව්‍යාපෘතියක් කල්පිටිය කුඩාව වෙරළ තීරයේ කඩොලාන සිටුවීමේ ව්‍යාපෘතියක් විදේශීය සංචාරකයින්ගේ සහභාගීත්වයෙන් අද (02) සිදුකෙරිණි. 02 January 2020
ගාල්ල-අකුරැස්ස මාර්ගයේ සිදුවූ අනතුරකින් 6 ක් රෝහලේ ගාල්ල අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් තුවාල ලැබූ පුද්ගලයින් හය දෙනෙකු අද (02) ගාල්ල කරාපිටිය රෝහලට සහ ඉමදූව රෝහල වෙත ඇතුළත් කර ඇති බව පොලිසිය පැවසීය. 02 January 2020
බදුල්ල ඩිපෝවේ බූරු ගැසූ සේවකයින් 7 ක් පොලිස් දැලේ බදුල්ල ලංගම ඩිපෝවේ කාර්මික අංගනයේ මුදල් ඔට්ටුවට බූරු ගසමින් සිටි ඩිපෝවේ සේවකයින් හත් දෙනෙකු බදුල්ල පොලිසිය විසින් අද (02) රාත්‍රීයේ අත්අඩංගුවට ගෙන තිබේ. 02 January 2020
උඩුගමදී සිදුවූ අනතුරකින් තරුණයෙකු මරුට උඩුගම බද්දේගම ප්‍රධාන මාර්ගයේ ගෝනදෙනිය ප්‍රදේශයේදී අද (02) සිදු වූ අනතුරකින් තරුණයෙකු මියගොස් තවත් තරුණයෙකු බරපතල තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි. 02 January 2020
කොළඹ කොටස් වෙළෙඳපොළේ පසුබැසීමක් කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (02) ඒකක 20.68කින් පහත වැටිණි. 02 January 2020
බලන්ගොඩ වෙළඳසැලක ගින්නක් බලන්ගොඩ නගරයේ වෙළඳසැලක අද (02) ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය පවසයි. 02 January 2020
පොලිස් සැරයන්වරයකුට පහරදුන් 6දෙනෙකු අත්අඩංගුවට ගල්කිස්ස පන්සල පාර අසළදී පොලිස් සැරයන්වරයකුට පහරදුන් බීමත් පුද්ගලයන් සයදෙනෙකු අද(02) අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි. 02 January 2020
ගජමුතු ළඟ තබා ගත් 7දෙනෙකුට ඇප අම්පාර කල්මුණ ඉමිය මුහුදුබඩ මාර්ගයේදී ගජමුතු 5 ක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් හත්දෙනා මුදල් ඇපයක් සහ ශරීර ඇප දෙකක් මත අද(02) නිදහස් කිරීමට කල්මුණේ මහේස්ත්‍රාත් අයි. එම්. රිස්වාන් මහතා නියෝග කළේය. 02 January 2020
සබරගමුව පූර්ව ළමා අධ්‍යාපන සංවර්ධන අධිකාරියට නව සභාපතිවරයෙක් සබරගමුව පළාත් අධ්‍යාපන හා තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු ලේකම් මහින්ද සනත් වීරසූරිය මහතා සබරගමුව පූර්ව ළමා අධ්‍යාපන සංවර්ධන අධිකාරියේ සභාපති ධූරයට පත්කර ඇත. 02 January 2020
ගාලු තැපැල් කාර්යාලයේ අනතුරුදායක කොටස් ඉවත් කරයි ගාල්ල පැරණි තැපැල් කාර්යාල ගොඩනැගිල්ලේ කොටසක් කඩා වැටීමෙන් පසු අනතුරුදායක අනෙක් කොටස් ඉවත් කිරිම ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (2) ආරම්භ කරන ලදී. 02 January 2020
වවුනියාව ලංගම බස් වර්ජනය අවසන් වවුනියාව ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයින්ට අත්තනෝමතික ලෙස උසස්විම් ලබා දී ඇති හෙයින් එම උසස්වීම් අවලංගු කරන ලෙස ඉල්ලා වවුනියාව ඩිපෝ සේවකයින් රියදුරන් ඇතුළු කොන්දොස්තරවරුන් අද (2) සේවයෙන් ඉවත්ව සිදුකළ වැඩ වර්ජනය නැවත්වීමට පියවර ගෙන ඇත. 02 January 2020
උඩුගම අනතුරින් තුවාල ලැබූ තවත් අයෙක් මරුට ගාල්ල උඩුගම ප්‍රධාන මාර්ගයේ යක්කලමුල්ල මාකුඹුර තෙල්පල හන්දියේ දී සිදුවූ අනතුරකින් බරපතල තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු අද (2) මිය ගිය බව යක්කලමුල්ල පොලිසිය පවසයි. 02 January 2020
වවුනියාව ලංගම සේවකයෝ වැඩ වරති අත්තනෝමතික ලෙස උසස්වීම් ලබාදී ඇති වවුනියාව ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයින්ගේ උසස්විම් අවලංගු කරන ලෙස ඉල්ලා වවුනියාව ඩිපෝ සේවකයෝ, රියදුරුවරු සහ කොන්දොස්තරවරු අද (2) සේවයෙන් ඉවත්ව වැඩ වර්ජනයක නිරතවූහ. 02 January 2020
වන අලියකු පහරදී අයෙක් මරුට කරුවලගස්වැව දිවුල්ගස්වැව කුඹුක්වැව ප්‍රදේශයේදී වන අලියකු පහර දීමෙන් පුද්ගලයෙක් අද (01) මියගොස් ඇතැයි සාලියවැව පොලිසිය කියයි. 01 January 2020
එෆ්.ආර් සේනානායක 94 වැනි ගුණසමරුව කොළඹදී තමන් වෙනුවෙන් නොව අනුන් වෙනුවෙන් තමන්ගේ දේපළ පවා කැප කරමින් කටයුතු කළ එෆ්.ආර් සේනානායක මහතාගේ ආදර්ශයන් තරුණ පරපුර අතරට ගෙනයාම යුගයේ අවශ්‍යතාවයක් යැයි විද්‍යෝදය පිරිවනේ පිරිවේනාධිපති බලංගොඩ සෝභිත නාහිමියෝ කොළඹ දී අද (01) පැවසූහ. 01 January 2020
ශ්‍රී පාද පිවිසුම් මාර්ග පවිත්‍ර කරයි ශ්‍රී පාද පූජා භූමියේ නල්ලතන්නිය සහ රත්නපුර ප්‍රවේශ ආශ්රිත එක් දින ශ්‍රමදාන වැඩසටහන අද (19) සාර්ථකව ආරම්භ විය... 19 February 2026