IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


සිසුවෙකුට පහර දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට

(වියලුවේ නිශාන්ත කුමාර)

ගිරාඳුරුකෝට්ටේ පොලිස් වසමට අයත් රත්කිඳ ප්‍රදේශයේදී පාසල් සිසුවෙකුට පහර දී තුවාල සිදු කළ පුද්ගලයෙකු අද (04) දහවල් සැකපිට අත්අඩංගුවට ගත් බව ගිරාඳුරුකෝට්ටේ පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්කිඳ ප්‍රදේශයේ  පදිංචි වයස අවුරුදු 48 ක පුද්ගලයෙකි.

පහරකෑමට ලක්වූ අවුරුදු 19 ක් වයසැති පාසැල් සිසුවා ගිරාඳුරුකෝට්ටේ රෝහලට ඇතුළත් කර ඇත.
සිය දියණිය සමඟ ප්‍රේම සබඳතාවක්   පවත්වාගෙන යන බවට චෝදනා කරමින් මෙම පුද්ගලයා විසින් සිසුවාට පහර දී   ඇති බව මූලික පරීක්ෂණවලදී   අනාවරණය වී ඇතැයිද පොලිසිය පවසයි.

සැකකරු ගිරාඳුරුකෝට්ටේ පොලිසිය මගින් මේ වනවිට   අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද (04) මහියංගණ මහේස්ත්‍රාත්වරයා වෙත    ඉදිරිපත් කිරීමට නියමිතය.

 ගිරාඳුරුකෝට්ටේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජනක විතානච්චි මහතාගේ උපදෙස් පරිදි ගිරාඳුරුකෝට්ටේ පොලිස් නිලධාරීහු සැකකරු  අත්අඩංගුවට ගැනීමට කටයුතු කළහ.

 ගිරාඳුරුකෝට්ටේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
 



අදහස් (0)

සිසුවෙකුට පහර දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 33 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 875 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2509 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site