(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)
විදුලි සැර වැදීමෙන් ගිංතොට කතරගම දේවාලය අසල 15 හැවිරිදි ගැහැණු දරුවෙක් අද (03) මියගිය බව ගාල්ල පොලිසිය කියයි.
පොලිසිය පවසන්නේ මියගිය දැරිය නිවසේ විදුලිය නොමැති අවස්ථාවකදී විදුලි පේනුවක් සවිකිරීමට යාමේදී මෙම අනතුරට මුහුණ පා ඇති බවයි.
මියගිය දැරියගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දැනට කරාපිටිය ශික්ෂණ රෝහලේ තබා තිබේ.
ගාල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd