IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


අපරාධකරුවන්ට ආයුධ අලෙවි කළ දෙදෙනෙකු අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
ගිනි අවි සහ ආයුධ නිෂ්පාදනය කර අපරාධකරුවන්ට අලෙවිකරන ස්ථානයක් වටලා කුරුවිට ප්‍රදේශයේදී දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකා සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය කියයි.
 
අත්අඩංගුවට ගත් අය 52 සහ 68 හැවිරිදි වියේ පසුවෙති.
 
එම සැකකරුවන් සමඟ බෝර 12 උණ්ඩ යෙදිය හැකි ගිනි අවියක්, ගිනි අවි නිෂ්පාදනයට යොදාගන්නා උපකරණ රැසක්, මිලි මීටර් 12 වර්ගයේ උණ්ඩ දෙකක්, විවිධ ප්‍රමාණවලින් යුතු කඩු තුනක් හා පිහියක් පොලිසිය බාරයට ගෙන ඇත.
 
මීට දින දෙකකට පෙර දැරණියගල පොලිස් වසමේ මාලිබඩ ප්‍රදේශයේදී, අත්අඩංගුවට ගත් මංජු නමැති පාතාල සාමාජිකයකුගේ ගෝලයකුගෙන් අනාවරණය වූ තොරතුරු අනුව පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය වැටලීම කර ඇත .
 
එම ප්‍රදේශයේ මත්පැන් ජාවාරම්කරුවන් ප්‍රදේශවාසීන් බියවැද්දීම සඳහා ගිනි අවි සන්තකයේ තබාගන්නා බවත්, එම ගිනි අවි මිලදී ගනු ලබන්නේ ගඟ බඩ ප්‍රදේශයේ පුද්ගලයකුගෙන් බවත් අනාවරණය වී ඇත.
 
ඒ අනුව කළ වැටලීමේදී එම පුද්ගලයාගේ නිවසේ වහලයේ සඟවා තිබී ගිනි අවි ඇතුළු ආයුධ සොයාගෙන ඇතැයි පොලිසිය කියයි.

 



අදහස් (0)

අපරාධකරුවන්ට ආයුධ අලෙවි කළ දෙදෙනෙකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 33 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 875 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2509 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site