කැලණි ගඟේ ජලය අපවිත්‍ර බව විගණන වාර්තාවකින් හෙළි වෙයි වගකිව යුතු ආයතන නීති රීති රෙගුලාසි නිසි පරිදි ක්‍රියාත්මක නොකිරීමත්, පරිසරයට අහිතකර ආකාරයෙන් වන ක්‍රියා නිසි පරිදි නියාමනයකට ලක් නොකිරීමත් හේතුවෙන් කැලණි ගඟේ ජලය ශීඝ්‍රයෙන් අපවිත්‍ර වෙමින් පවතින බව විගණකාධිපති දෙපාර්තමේනතුවේ පරිසර විගණන අංශය කළ විගණනයකින් අනාවරණය වී ඇත. 09 January 2020
විමර්ශනය කරන්න ගිය නිලධාරියාට තර්ජනය කිරීම ගැන පැමිණිල්ලක් පොළොන්නරුව සිරිපුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ සිදුව ඇති ඉන්ධන වංචාවක් සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීමට ගිය අවස්ථාවේ දී දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති තමාට පහරදීමට තැත් කළැයි උතුරුමැද පළාත් අභ්‍යන්තර විගණන හා විමර්ශන දෙපාර්තමේන්තුවේ විගණන හා විමර්ශන නිලධාරි ලලිත් ගමගේ මහතා අරලංගවිල පොලිසියට පැමිණිලි කර තිබේ. 09 January 2020
ව්‍යාජ සිගරට් ළඟ තබාගත් අයෙකු අත්අඩංගුවට ඇල්ල ඌවකරදගොල්ල ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ ව්‍යාජ සිගරැට් 60ක් සමඟ සැකපිට පුද්ගලයකු අද (9) අලුයම අත්අඩංගුවට ගත් බව ඇල්ල පොලිසිය පවසයි . 09 January 2020
ටී 56 ජීව පතුරොම් සමඟ අයෙකු අත්අඩංගුවට හිස් පතුරොම් 15 ක් සහ ටී.56 ගිනි අවියක් සඳහා භාවිතා කරන පතුරොම් තුනක් සමඟ පුද්ගලයෙකු අද (08) සවස අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය. 08 January 2020
‘‘මධ්‍යම පළාතේ ආයතනවලට පත්කරන අධ්යක්ෂවරුන් වැඩ නොකළොත් ඉවතට‘‘ මධ්‍යම පළාතේ පිහිටි ආයතනයන වලට පත් කෙරෙන සභාපතිවරුන් හා අධ්යක්ෂ මණ්ඩල සමාජිකයන් තම වගකීම් නිසි ලෙස ඉටු නොකළහොත් ඔවුන් වෙනුවට වෙනත් නිලධාරීන් පත් කිරීමට තමා පසු බට නොවන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ.ගමගේ මහතා කීය. 08 January 2020
දිනක් වයසැති බිලිඳියක් වළ දැමූ කාන්තාවක් අත්අඩංගුවට රත්නපුර කහංගම කොස්ගලවත්ත ප්‍රදේශයේදී දිනක් වයසැති බිලිඳියක් වළදැමූ 18 හැවිරිදි කාන්තාවක් අද (8) අත්අඩංගුවට ගත් බව රත්නපුර පොලිසිය පැවසීය. 08 January 2020
සංචාරක බස්රථ හිමියන්ගේ සංගමයෙන් රජයට චෝදනාවක් පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු සංචාරක ක්ෂේත්රය සඳහා රජය සහන ලබාදී ඇති බව පැවසුවත් මේ දක්වා කිසිඳු සහනයක් ලැබී නොමැති බව සංචාරක බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති නීල් ජයතිස්ස මහතා ලංකාදීපයට පැවැසීය. 08 January 2020
හෙරොයින් ජාවාරම් කළ අයෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් හෙරොයින් ග්‍රෑම් 11 ක් ළඟ තබා ගෙන ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු වූ අයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ජීවීතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවමක් අද (08) නියම කළේය. 08 January 2020
හෙට- අනිද්දා ශීඝ්‍රගාමී දුම්රිය 24 ක් කැලණියේ නවත්වයි කැලණිය රජමහ විහාරස්ථානයේ වාර්ෂික දුරුතු පෙරහර නැරඹීමට පැමිණෙන ජනතාවගේ පහසුව සඳහා ශීඝ්‍රගාමී දුම්රිය 24 ක් හෙට (9) සහ අනිද්දා (10) කැලණිය දුම්රිය ස්ථානයේ නතර කර ධාවනය කිරිමට කටයුතු යොදා ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 08 January 2020
කෝටියක හෙරොයින් සමඟ අයෙකු අත්අඩංගුවට රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුතු හෙරොයින් මත්කුඩු සමඟ පුද්ගලයකු අද(08) දෙහිවලදී අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය කියයි. 08 January 2020
වීසා නොමැතිව සිටි එංගලන්ත යුවළට ඇප වීසා නොමැතිව රැඳි සිටියදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරසිටි එංගලන්ත යුවළක් ඇප මත මුදා හැරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (08) නියෝග කළේය. 08 January 2020
දිඹුලාගල නා හිමිගේ පිළිරුවක් මනම්පිටිය සීලපුරදී විවෘත කරේ දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපතිව වැඩවිසු අපවත් වි වදාළ දිඹුලාගල නා හිමි හෙවත් මාතර කිතලගම සිරි සීලාලංකාර නායක මා හිමිපාණන්ගේ ජිවමාන ප්‍රමාණයේ ප්‍රතිමාව මනම්පිටිය සීලපුර මංසන්ධියේදි ශ්‍රි ලංකා යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි. 08 January 2020
සිසුවිය අපහරණය කළැයි සිසුවා අත්අඩංගුවට ගාල්ල නගරයේ ප්‍රසිද්ධ බාලිකා විදුහලක 11වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන 15 හැවිරිදි සිසුවියක් නිත්‍යානුකූල බාරකාරත්වයෙන් අපහරණය කිරිම සම්බන්ධයෙන් 19 හැවිරිදි උසස් පෙළ සිසුවෙකු අත් අඩංගුඅවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි 08 January 2020
බස් අනතුරින් මිය අයගේ සිරුරු අද මිහිදන් කෙරේ පස්සර මඩොල්සිම මාර්ගයේ මාලිගාතැන්නනේ දී බස් රථය අනතුරට ලක්ව මිය ගිය 7 දෙනෙකුගේ සිරුරු අද (8) සවස මිහිදන් කරන බව පොලීසිය පවසයි. 08 January 2020
මහජන බැංකුවේ නව සභාපති වැඩ බාරගනී මහජන බැංකුවේ නව සභාපති ලෙස ජ්‍යෙෂ්ඨ වරලත් ගණකාධිකාරි සුජීව රාජපක්ෂ මහතා අද(08) කොළඹ කොටුවේ පිහිටි මහජන බැංකු මූලස්ථානයේ දී වැඩ භාරගත්තේය. 08 January 2020
ව්‍යාජ රන් භාණ්ඩ උකස් කළ අයෙකු අත්අඩංගුවට ව්‍යාජ ලෙස සාදන ලද රන් පැහැති පෙන්ඩනයක් බණ්ඩාරගම රාජ්‍ය බැංකුවකට උකස් කිරීමට පැමිණි පුද්ගලයකු අද(08) අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි. 08 January 2020
ඝන අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානය ඉවත්කරන්නැයි වීරකැටියේ විරෝධතා වීරකැටිය කොන්දගල ප්‍රදේශයේ පිහිටා ඇති ඝන අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානය එම ප්‍රදේශයේ පැවතීම හේතුවෙන් විශාල පාරිසරික ගැටළු රැසක් සහ පානීය ජල ගැටළු පැන නැඟී ඇතැයි කියමින් එම මධ්‍යස්ථානය ඉවත් කරන්නැයි ඉල්ලා ගම්වාසීන් පිරිසක් අද (8) වීරකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට සිය විරෝධය පළ කළහ. 08 January 2020
තංගල්ලේ විශේෂ මෙහෙයුමෙන් 12ක් අත්අඩංගුවට තංගල්ල නගරයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී වරෙන්තුකරුවන් හත් දෙනකු, ගංජා සන්තකයේ තබාගත් දෙදෙනකු සහ බීමත් රියැදුරන් තුන්දෙනකු අත්අඩංගුවට ගත් බව තංගල්ල මූලස්ථාන පොලිසිය කියයි. 08 January 2020
පස්සරදී ප්‍රපාතයකට පෙරළුණු බස් රථය ගොඩගනී පස්සර මඩොල්සිම මාර්ගයේ 6 කණුව ප්‍රදේශයේදී ඊයේ (06) සවස අඩි 250 ක ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුරට පත්වූ බස් රථය අද (07) ගොඩට ගත් බව පස්සර පොලිසිය පැවසීය. 07 January 2020
බස් රථයක් - ජීප් රථයක් ගැටී අයෙක් රෝහලේ ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක් සහ ධීවර දෙපාර්තමේන්තුවට අයත් ජීප් රථයක් අද (07) මුහුණට මුහුණලා ගැටී සිදු වූ අනතුරකින් ජීප් රථයේ රියදුරු තුවාල ලබා මඩකලපුව ශික්ෂණ රෝහලට ඇතුළත් තිබේ. 07 January 2020
කංසා තෙල් තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ඇමෙරිකාවෙන් ආනයනය කරන ලද කංසා තෙල් තොගයක් සමඟ පුද්ගලයකු කොළඹ තරු පහේ හෝටලයකදී අත්අඩංගුවට ගත් බව කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය පවසයි. 07 January 2020
රිය අනතුරකින් යතුරු පැදිකරුවකු මරුට නවගත්තේගමදී මෝටර් රථයක ගැටී යතුරු පැදිකරුවකු අද(07) මියගොස් ඇතැයි නවගත්තේගම පොලිසිය කියයි. 07 January 2020
නිධන් හැරීමට ගිය සිව්දෙනෙකු අත්අඩංගුවට කිලිනොච්චිය ප්‍රදේශයේ නිධන් හෑරීමට ගිය සැකකරුවන් සිව්දෙනෙකු සමඟ අධි තාක්ෂණයෙන් යුත් නවීන ස්කෑනර් යන්ත්‍රයක් අද (7) හමුවූ බව මාන්කුලම පොලිසිය පවසයි. 07 January 2020
හැඹිලි දැල්වලින් මසුන් ඇල්ලූ ධීවරයෙකුට දඩ නීති විරෝධි තහනම් පන්න ක්රමයක්වු ලයිට් කෝස් හෙවත් හැඹිලි දැල්වලින් මසුන් මැරිම සම්බන්ධයෙන් වරදකරුවු ධිවරයෙකුට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජිවනී පතිරණ මහත්මිය අද (07) රුපියල් 175,000 නියම කළාය. 07 January 2020
වීසා නැතිව සිටි ඉන්දීය ජාතිකයින් සිව්දෙනකු අත්අඩංගුවට පුත්තලම කල්අඩිය ප්‍රදේශයේ විසා නොමැතිව රැඳී සිටි ඉන්දියන් ජාතිකයින් සිව්දෙනෙකු අද(7) දින අලුයම අත් අඩංගුවට ගත් බව පුත්තලම මුලස්ථාන පොලිසිය කියයි. 07 January 2020
දිවුලපිටියේ විදුහලක නි.විදුහල්පතිගේ රාජකාරියට බාධා කළ පියෙක් අත්අඩංගුවට දිවුලපිටිය, කුඩගම්මන මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිනියට විරෝධය පල කරමින් අද ( 7 )උදේ පාසලට පැමිණ රාජකාරි වාර්තා කිරීමට ඉඩ නොදුන් බව කියන පියෙකු අත්අඩංගුවට ගත් බව දිවුලපිටිය පොලිසිය කියයි. 07 January 2020
‘ඇසි දිසි‘ ජනමාධ්‍ය ශිෂ්‍යත්වයට අයදුම්පත් කැඳවයි ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීම සදහා වාර්ෂිකව ක්‍රියාත්මක කරන ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යයත්ව වැඩසටහන සදහා අයදුම්පත් කැදවීම ආරම්භ කර ඇති බව තොරතුරු හා සන්වේදන තාක්ෂණ අමාත්‍යාංශය පවසයි. 07 January 2020
පාසල් සිසුන්ට විකිණීමට ගිය මත්පෙති තොගයක් අත්අඩංගුවට පාසල් දරුවන් ඇතුළු තරුණ පිරිස් ඉලක්ක කර විකිණීමට සූදානම් කර තිබූ මත්පෙති 13,900 ක් අද (7) නාථගනේ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව වාරියපොල පොලිසිය කියයි. 07 January 2020
සිසුවියන් තිදෙනෙකු අපයෝජනය කළ වෛද්‍යවරයා අත්අඩංගුවට පාසල් සිසුවියන් තිදෙනෙකු ලිංගික අපයෝජනයට ලක් කළ අම්පාර ගොනාගොල්ල සෙනරත්පුර ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගත් බව උහන පොලිසිය පවසයි. 07 January 2020
නීතිවිරෝධී මත්පැන් නිපදවන්නන් අත්අඩංගුවට ගන්නැයි විරෝධයක් නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය කරන්නන් සහ ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගන්නැයි පොලිසියට බලකරමින් අද(07) කිලිනොච්චියේ කෝනාවිල් ප්‍රදේශයේ ජනතාව විරෝධතාවක නිරතවූහ. 07 January 2020
ශ්‍රී පාද පිවිසුම් මාර්ග පවිත්‍ර කරයි ශ්‍රී පාද පූජා භූමියේ නල්ලතන්නිය සහ රත්නපුර ප්‍රවේශ ආශ්රිත එක් දින ශ්‍රමදාන වැඩසටහන අද (19) සාර්ථකව ආරම්භ විය... 19 February 2026