(අනීෂා මානගේ)
තංගල්ල නගරයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී වරෙන්තුකරුවන් හත් දෙනකු, ගංජා සන්තකයේ තබාගත් දෙදෙනකු සහ බීමත් රියැදුරන් තුන්දෙනකු අත්අඩංගුවට ගත් බව තංගල්ල මූලස්ථාන පොලිසිය කියයි.
තංගල්ල නගරයේදී ඊයේ(7) රාත්‍රී 8.00 සිට රාත්‍රී 11.00 දක්වා කාලයේදී සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
විවෘත වරෙන්තු ලබා සිටි තිදෙනෙකු, දින වරෙන්තු ලබා සිටි සිව් දෙනකු, ගංජා සන්තකයේ තබාගත් දෙදෙනකු සහ බීමත් රියැදුරන් තිදෙනකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd