(හිරාන් ප්‍රියංකර ජයසිංහ )
පුත්තලම කල්අඩිය ප්‍රදේශයේ විසා නොමැතිව රැදි සිටි ඉන්දියන් ජාතිකයින් සිව් දෙනෙකු අද(7) දින අලුයම අත් අඩංගුවට ගත් බව පුත්තලම මුලස්ථාන පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉන්දියාවේ ආන්ද්‍රා පළාතේ පදිංචිව සිටි වයස අවුරුදු 22 , 25 , 30 හැවිරිදි අය බවද පොලිසිය කියයි.
මොවුන් පුත්තලම කල්අඩිය ප්‍රදේශයේ පිහිටි අබලි යකඩ උණු කිරීමේ කර්මාන්ත ශාලාවක සේවය කරමින් සිටියදී ආගමන විගමන පනත උල්ලංඝණය කරමින් වීසා නොමැතිව රැඳී සිටියදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd