(මහින්ද නිශ්ශංක)
කැලණිය රජමහ විහාරස්ථානයේ වාර්ෂික දුරුතු පෙරහර නැරඹීමට පැමිණෙන ජනතාවගේ පහසුව සඳහා ශීඝ්‍රගාමී දුම්රිය 24 ක් හෙට (9) සහ අනිද්දා (10) කැලණිය දුම්රිය ස්ථානයේ නතර කර ධාවනය කිරිමට කටයුතු යොදා ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
හෙට (9) උදේ 9.30 සිට රාත්‍රී 10.30 අතර කාලය තුළ ශීඝ්‍රගාමී දුම්රිය 13 ක් ද අනිද්දා (10) උදේ 6.00 සිට ප.ව. 1.30 දක්වා කාලය තුළ දුම්රිය 11 ක් ද කැලණිය දුම්රිය ස්ථානයේ නතර කරන බව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වී. එස්. පොල්වත්තගේ මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd