(ඩී.ජී.සුගතපාල)
නීති විරෝධි තහනම් පන්න ක්‍රමයක්වු ලයිට් කෝස් හෙවත් හැඹිලි දැල්වලින් මසුන් මැරිම සම්බන්ධයෙන් වරදකරුවු ධිවරයෙකුට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජිවනී පතිරණ මහත්මිය අද (07) රුපියල් 175,000 නියම කළාය.
මෙසේ දඩ නියමවුයේ ගාල්ල හිරලුගෙඩ මොහොමඩ් ඉමිටියාස් මොහාමඩ් රිෆ්නාස්නමැති ධිවරයෙකුටය.
විත්තිකරු නීතිවිරෝධී ලෙස ගාල්ල අවට මුහුදු තීරයේ මසුන් මරණ බවට ලැබුණ තොරතුරක් අනුව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරි පිරිසක් බෝට්ටුව සහ විදුලි පහන්ද අධි බලැති බැටරිද සමග විත්තිකරු අත්අඩංගුවට ගෙන ඇත.
වලංගු බලපත්‍රයක් නොමැතිව ධිවර මෙහෙයුම් සිදු කිරිම, ධීවර යාත්‍රාව ලියා පදිංචි නොකර තිබිම,ජිවිතාරක්ෂක කබා යාත්‍රාව තුළ නොතිබිම,යාත්‍රාව තුල ලියා පදිංචි සහතිකය හා මෙහෙයුම් බලපත්‍රය නොමැතිවිම, ශ්‍රි ලංකා මුහුදු තීරයේ මසුන් ආකර්ෂණය කිරිම සඳහා කාතිම පහන් ආලෝකය භාවිතා කිරීම, ආලෝකය ලබා ගැනිම සදහා නියමිත විදුලි බුබුළු සංඛ්‍යාව ඉක්මවා භාවිතා කිරීම, ආලෝකය ලබා ගැනිම සඳහා නියමිත බැටරි සංඛ්‍යාව ඉක්මවා බැටරි භාවිතා කිරීම යන චෝදනා හතක් යටතේ විත්තිකරුට එරෙහිව මෙම නඩුව පවරා තිබිණි .
2025 නොවැම්බර් මස 17
27
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
875
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2508
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
හැඹිලි දැල්වලින් මසුන් ඇල්ලූ ධීවරයෙකුට දඩ