( නිමල් ජයරත්න)
දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපතිව වැඩවිසු අපවත් වි වදාළ දිඹුලාගල නා හිමි හෙවත් මාතර කිතලගම සිරි සීලාලංකාර නායක මා හිමිපාණන්ගේ ජිවමාන ප‍්‍රමාණයේ ප‍්‍රතිමාව මනම්පිටිය සීලපුර මංසන්ධියේදි ශ‍්‍රි ලංකා යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.
උතුරු නැගෙනහිර තමන්කඩුව දෙදිසාවේ ප‍්‍රධාන සංඝනායක දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති මිල්ලානේ සිරියාලංකාර නායක ස්වාමින් වහන්සේගේ ආශිර්වාදයෙන් දිඹුලාගල උතුරු ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි මනම්පිටිය මාගංතොට ශ‍්‍රි ධර්මරාජ විහාරාධිපති අත්තනකඩවල ජනතාලංකාර නාහිමියන්ගේ අනුශාසනා පරිදි නැගෙනහිර ආරක්ෂක සේනාංකාධිපති මේජර් ජෙනරාල් රසික නාමල් ප‍්‍රනාන්දු මහතා ඇතුලූ රණවිරුවන්ගේ සහභාගිත්වයෙන් දිඹුලාගල නාහිමි පිළිරුව විවෘත කෙරිණි.
වෙඩි වැදිමෙන් අපවත් වු දිඹුලාගල නාහිමියන් රට ජාතිය ආගම වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් කළ සංඝ පිතෘවරයාණන් නමකි.
මාදුරුඔය ජලාශය ඉදිකිරිමේ පුරෝගාමියා වු දිඹුලාගල නාහිමියන් ගොවිජනපද මෙන්ම වෙහෙරවිහාර, පාසල්, පංසල්, මංමාවත්, ඉදිකරමින් මෙරටේ වැඩිම භික්ෂු පරපුරක් ශාසනයට ඇතුළත් කර ගත් හිමිනමකි.
මෙම අවස්ථාවට පළාතේ ගරුතර මහා සංඝරත්නය සහ පොළොන්නරු දිස්ත‍්‍රික් ලේකම් පණ්ඩුක අබේසේකර ප‍්‍රාදේශිය සභා සහ පළාත් සභා පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් රාජ්‍ය අංශ ප‍්‍රධානින් මෙන්ම ත‍්‍රිවිධ හමුදාව පොලිසිය ඇතුලූ ගොවි ජනතාව විශාල පිරිසක් එක්ව සිටියහ.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
දිඹුලාගල නා හිමිගේ පිළිරුවක් මනම්පිටිය සීලපුරදී විවෘත කරේ
lalithm Wednesday, 08 January 2020 09:59 AM
1968දි මම පොඩි කලේ දිඹුලාගල ගිය වරෙක කිතලගම හාමුදුරුවෝ හමුවුණා. අපි දින දෙකක් එහෙ ඉඳල රූස්ස කැලේ මැදින් කන්දත් නැග්ග. ඒ කාලේ ආදිවාසී දරුවන් සඟරුවනේ පැවිදි කර පළාතේ දුගී මිනිසුන්ගේ දානයෙන් දුෂ්කරව ගතකල දිවිය මට යන්තම් මතකයි. විදුලිය තිබුනෙත් නැහැ. පිට පළාත්වලින් විශේෂයෙන්ම මාතර පළාතෙන් ගම් පළාතෙන් වන්දනා නඩ ආවාලු. ලඟදි දිඹුලාගල ගියාම අඳුනගන්නවත් බැරි විදියට වෙනස් වෙලා. අහස් මාලිගාව කියල හදපු තැන නොවේ අපි ඉස්සර ගිය ගුහාවල් එහෙම තිබුනේ. ඉන් එහා කන්දේ. හරිම උත්සාහවත් නිර්භීත සංඝ පීතෘවරයෙක්.