(ජයන්ත සමරකෝන්)
ඇමෙරිකාවෙන් ආනයනය කරන ලද කංසා තෙල් තොගයක් සමඟ පුද්ගලයකු කොළඹ තරු පහේ හෝටලයකදී අත්අඩංගුවට ගත් බව කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය පවසයි.
මෙවැනි කංසා තෙල් වර්ගයක් අත්අඩංගුවට ගත් ප්‍රථම අවස්ථාව මෙය වේ.
මිලිග්‍රෑම් 500 ක් සහිත ගංජා තෙල් බෝතල් 20 ක් මෙහිදී සොයාගෙන ඇති අතර එක් බෝතලයක් රුපියල් 175000 කට අලෙවි කර ඇතැයි එම ඒකකය කියයි.
මෙම ගංජා තෙල් බොහෝ බටහිර රටවල ඖෂධයක් ලෙස භාවිතා කරන අතර මෙරට ඖෂධයක් නීතිගත කර නැතැයි ද එම ඒකකය පෙන්වා දෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කංසා තෙල්වලට ඇමෙරිකාවේ ප්‍රාන්ත කිහිපයකම තහනම ඉවත් කර ඇත. ප්‍රාන්ත මට්ටමෙන් ඉවත් කලාට මහා ආණ්ඩුවෙන් තහනම ඉවත් කර නැත. හොර රහසේ නිවෙස්වල මෙම තෙල් නිෂ්පාදනය කරන අවස්ථාවලදී පිපිරීම් ඇතිවී අධිකලෙස පිළිස්සීම් සහ මරණ පවා සිදුවී ඇත.
ලංකාවෙත් නීතිගත කරලා පටන් ගත්තනම් ඉවරයිනෙ. සල්ලි හොයන්න පුලුවන් මාර්ග. දේශපාලකින්ට විතරයි අරක්කුයි කසි්පුයි ඔක්කොම හදන්න පුලුවන්. පොඩි මිනිහට විතරයි ඔක්කොම නීති.