(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)
පාසල් දරුවන් ඇතුළු තරුණ පිරිස් ඉලක්ක කර විකිණීමට සූදානම් කර තිබූ මත්පෙති 13,900 ක් අද (7) නාථගනේ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව වාරියපොල පොලිසිය කියයි.
රුපියල් ලක්ෂ 4 කට අධික වටිනාකමක් ඇති මෙම පෙති තොගය සමඟ සැකකරුවකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
පොලිසියට ලැබුණු තොරතුරක් මත ප්‍රදේශයේ ෆාමසි හිමිකරුවකුට අයත් පොල් වත්‍තක මුර කුටියක සඟවා තිබියදී මෙම මත් පෙති තොගය සොයා ගෙන තිබේ.
අදාළ ෆාමසියේ හිමිකරු සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති අතර මෙම පෙති වර්ගය වෛද්‍ය නිර්දේශයකින් තොරව අලෙවි කිරීමට නොහැකි බවද පොලිසිය කියයි.
සැකකරු සහ පෙති තොගය අද සවස වාරියපොළ මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd