(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)
පාසල් දරුවන් ඇතුළු තරුණ පිරිස් ඉලක්ක කර විකිණීමට සූදානම් කර තිබූ මත්පෙති 13,900 ක් අද (7) නාථගනේ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව වාරියපොල පොලිසිය කියයි.
රුපියල් ලක්ෂ 4 කට අධික වටිනාකමක් ඇති මෙම පෙති තොගය සමඟ සැකකරුවකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
පොලිසියට ලැබුණු තොරතුරක් මත ප්‍රදේශයේ ෆාමසි හිමිකරුවකුට අයත් පොල් වත්‍තක මුර කුටියක සඟවා තිබියදී මෙම මත් පෙති තොගය සොයා ගෙන තිබේ.
අදාළ ෆාමසියේ හිමිකරු සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති අතර මෙම පෙති වර්ගය වෛද්‍ය නිර්දේශයකින් තොරව අලෙවි කිරීමට නොහැකි බවද පොලිසිය කියයි.
සැකකරු සහ පෙති තොගය අද සවස වාරියපොළ මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
පාසල් සිසුන්ට විකිණීමට ගිය මත්පෙති තොගයක් අත්අඩංගුවට