(දසුන් රාජපක්ෂ)
ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීම සදහා වාර්ෂිකව ක්‍රියාත්මක කරන ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යයත්ව වැඩසටහන සදහා අයදුම්පත් කැදවීම ආරම්භ කර ඇති බව තොරතුරු හා සන්වේදන තාක්ෂණ අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙම ශිෂ්‍යයත්ව වැඩසටහන සදහා අයදුම්පත් භාර ගැනීම පෙබරවාරි 7 වැනි දින දක්වා සිදු කරන බව තොරතුරු හා සන්වේදන තාක්ෂණ අමාත්‍යාංශයේ නිලධාරියකු අද (7) සඳහන් කළේය.
වසර තුනක සේවාකාලයක් සම්පූර්ණ කළ දිවයිනේ පිළිගත් විද්‍යුත් සහ මුදෘත ආයතනවල පූර්ණකාලීන හෝ අර්ධකාලීන පදනම මත සේවය කරන වයස අවුරුදු 18-55 ත් අතර මාධ්‍යවේදින්ට මෙම ශිෂ්‍යයත්ව වැඩසටහන සදහා අයදුම් කළ හැකි බව එම නිලධාරියා ප්‍රකාශ කළේය.
ශිෂ්‍යයත්ව යෝජනා ක්‍රමයට යොමුකරන අයදුම්පත් ලබන පෙබරවාරි 7 වැනි දිනට පෙර අධ්‍යක්ෂ (මාධ්‍ය), තොරතුරු හා සන්වේදන තාක්ෂණ අමාත්‍යාංශය, අංක 163, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05 යන ලිපිනය වෙත ලියාපදිංචි තැපැලෙන් එවිය යුතු අතර වැඩිවිස්තර 0112513645/0112513459 සහ 0112513460 යන දුරකතන අංක අමතා විමසිය හැකිය. එමෙන්ම www.media.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් වැඩිවිස්තර දැනගත හැකිය.
2025 නොවැම්බර් මස 17
33
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
875
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2509
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
‘ඇසි දිසි‘ ජනමාධ්‍ය ශිෂ්‍යත්වයට අයදුම්පත් කැඳවයි