(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
නවගත්තේගමදී මෝටර් රථයක ගැටී යතුරු පැදිකරුවකු අද(07) මියගොස් ඇතැයි නවගත්තේගම පොලිසිය කියයි.
මියගොස් ඇත්තේ නවගත්තේගම මැද්දෑව පියසුමන ගම පදිංචි 40 හැවිරිදි සරත් උපාලි අබේසිංහ නැමත්තෙකි.
එම තැනැත්තා යතුරු පැදියකින් නවගත්තේගම පිහිටි ඇගළුම් ආයතනයකට රැකියාව සඳහා යමින් සිටියදී ආණමඩුව දෙසින් පැමිණි මෝටර් රථයක ගැටි ඇති බව කියයි.
අනතුරින් බරපතල තුවාල ලැබූ එම තැනැත්තා කුරූණැගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර සිටියදි මිය ගොස් ඇත.
අනතුර සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd