(ප්‍රසන්න පත්මසිරි)
පස්සර මඩොල්සිම මාර්ගයේ 6 කණුව ප්‍රදේශයේදී ඊයේ (06) සවස අඩි 250 ක ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුරට පත්වූ බස් රථය අද (07) ගොඩට ගත් බව පස්සර පොලිසිය පැවසීය.
ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති නීතිඥ කිංස්ලි රණවක මහතා අද සවස එම ස්ථානයට පැමිණ අනතුරට ලක්වූ බසය පරීක්ෂා කර බලා අනතුර සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන බව සඳහන් කළේය.
දුෂ්කර මාර්ග වල ධාවනයට නව බස් රථ ලඟදීම ලබා දෙන බව පැවසූ සභාපතිවරයා අනතුරින් මියගිය පවුල් වල පුද්ගලයන්ගේ ඥතීන්ට රුපියල් 50,000 ක මුදල් චෙක්පත් ද ලබාදුන්නේය.
මෙම අනතුරින් පුද්ගලයින් 8 දෙනෙකු මියගිය අතර 44 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බස් පරණ නොවෙයි. නඩත්තු කරන්නේ නැහැ. එයට පිලියමක් හොයන්න. පුද්ගලික අංශයෙන් මීට වඩා පරණ බස් හොඳින් නඩත්තු කරමින් මේ පාරවල දුවනවා. කිසි දොසක් නැහැ.
ටයර් හොඳයි නැවත හදල ගන්න තරම් දෙයක් ඉතුරු වී නැහැ ලංකාවේ මාර්ග ඉංජිනේරුවන් ලෝකයෙන්ම අලස පිරිසක් බව පෙනේ අනාරක්ෂිත බෑවුම් ඇති තැන වල කොක්‍රිට් පැති බැමි ( බැරියර් ) ඉදිකිරීමට හිතලවත් නැහැ ලංගම සභාපති කියන්න ඇති වහාම ටයර් හතර ගලවා අනෙකුත් බස් වලට හයි කොරන්න කියලා පමණි මේක ලංකාව ඔන්න ඕකයි තත්වේ.