( පුෂ්පකුමාර මල්ලවආරච්චි )
දිවුලපිටිය, කුඩගම්මන මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිනියට විරෝධය පල කරමින් අද ( 7 )උදේ පාසලට පැමිණ රාජකාරි වාර්තා කිරීමට ඉඩ නොදුන් බව කියන පියෙකු අත්අඩංගුවට ගත් බව දිවුලපිටිය පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පාසල් සංවර්ධන සමිතියේ හිටපු ලේකම්වරයා බව පොලිසිය කියයි.
නියෝජ්‍ය විදුහල්පතිනි පුෂ්පා මාලනී ජයසූරිය මහත්මිය අද (7) උදේ පාසලට පැමිණෙන අවස්ථාවේදී දෙමාපිය පිරිසක් ඇයට විරෝධය පල කරමින් පාසලට ඇතුළුවීමට ඉඩ නොදීම සම්බන්ධයෙන් ඇය දිවුලපිටිය පොලිසියට පැමිණිල්ලක් කර තිබිණි.
අනතුරුව දිවුලපිටිය පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක යූ. පී.එස්. පි‍්‍රයන්ත මහතා ඇතුලූ නිලධාරි පිරිසක් පැමිනිල්ල විභාග කර සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය. සැකකරු අද (7) සවස මිනුවන්ගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd