( පුෂ්පකුමාර මල්ලවආරච්චි )
දිවුලපිටිය, කුඩගම්මන මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිනියට විරෝධය පල කරමින් අද ( 7 )උදේ පාසලට පැමිණ රාජකාරි වාර්තා කිරීමට ඉඩ නොදුන් බව කියන පියෙකු අත්අඩංගුවට ගත් බව දිවුලපිටිය පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පාසල් සංවර්ධන සමිතියේ හිටපු ලේකම්වරයා බව පොලිසිය කියයි.
නියෝජ්‍ය විදුහල්පතිනි පුෂ්පා මාලනී ජයසූරිය මහත්මිය අද (7) උදේ පාසලට පැමිණෙන අවස්ථාවේදී දෙමාපිය පිරිසක් ඇයට විරෝධය පල කරමින් පාසලට ඇතුළුවීමට ඉඩ නොදීම සම්බන්ධයෙන් ඇය දිවුලපිටිය පොලිසියට පැමිණිල්ලක් කර තිබිණි.
අනතුරුව දිවුලපිටිය පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක යූ. පී.එස්. පි‍්‍රයන්ත මහතා ඇතුලූ නිලධාරි පිරිසක් පැමිනිල්ල විභාග කර සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය. සැකකරු අද (7) සවස මිනුවන්ගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
දිවුලපිටියේ විදුහලක නි.විදුහල්පතිගේ රාජකාරියට බාධා කළ පියෙක් අත්අඩංගුවට