IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


‘‘මධ්‍යම පළාතේ ආයතනවලට පත්කරන අධ්‍යක්ෂවරුන් වැඩ නොකළොත් ඉවතට‘‘

(මොහොමඩ් ආසික්)

මධ්‍යම පළාතේ පිහිටි ආයතනයන වලට පත් කෙරෙන සභාපතිවරුන් හා අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයන් තම වගකීම් නිසි ලෙස ඉටු නොකළහොත් ඔවුන් වෙනුවට වෙනත් නිලධාරීන් පත් කිරීමට තමා පසු බට නොවන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ.ගමගේ මහතා කීය.

මධ්‍යම පළාත් පුස්තකාල සේවා මණ්ඩලය, සමූපකාර සේවක කොමිසන් සභාව, මගී ප්‍රවාහන සේවා අධිකාරිය, මාර්ග සංවර්ධන අධිකාරිය  යන ආයතන සඳහා  පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී  නව අධ්‍යක්ෂවරුන් පත් කිරීමෙන් අනතුරුව ආණ්ඩුකාර නිතීඥ ලලිත් යූ.ගමගේ මහතා එසේ කීය.

මෙහිදී නව අධ්‍යක්ෂකවරුන් 11 දෙනෙකු ආණ්ඩුකාරවරයා අතින් පත්වීම් ලිපි ලබාගත් අතර පත්වීම් ලබාදීමෙන් පසු පිරිස අමතමින් ආණ්ඩුකාරවරයා තව දුරටත් මෙසේ පැවසීය.

‘‘මෙම ආයතනය  කටයුතු පසුගිය කාලයේදී නිවැරදි ආකාරයෙන් සිදු වුයේ නැති බව අප දන්නා කරුණක්. ඔබ අධ්‍යක්ෂකවරුන් වශයෙන් පත්වන මෙම ආයතන අප පළාතේ ඉතා සුවිශේෂ ආයතන බව සිහියේ තබා ගත යුතුයි.  

එම නිසා අධ්‍යක්ෂකවරුන් වශයෙන් ඔබ ආයතනයන්හී ගනු ලබන තීරණ සම්බන්ධයෙන් විශාල වගකීමක් බුද්ධිමත් ඔබ වෙත පැවරෙනවා. විශේෂයෙන් සභාපතිවරයාට හිතු මනාපෙට තීරණ ගැනීමට ඉඩ තබන්න එපා.  

කිසියම් අවස්ථාවක සභාපතිවරයා හෝ අධ්‍යක්ෂක මණ්ඩල‍ය තමාට පැවරෙන වගකීම් පැහැර හරින බව නිරීක්ෂණය වුවහොත් ජනතාව වෙනුවෙන් එම පුටු වලට නව නිලධාරීන් පත්කිරීමට මා දෙපාරක් හිතන්නේ නැහැ. ඒ මන්ද  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාගයේ දැක්ම මාවත ඔස්සේ ගමන් කිරීමේදී වැඩ මග හරින, වංචා දූෂණ සිදුකරන නිලධාරීන්ව ආරක්ෂා කිරීම කිසිසේත්ම සිදුනොවන බැවින්ය.‘‘

මෙම අවස්ථාවට පළාත් ආණ්ඩුකාර ලේකම් කේ.ජී. උපාලි රණවක, හිටපු පළාත් සභා මන්ත්‍රී එස්.බී. රත්නායක ඇතුලු මහත්ම මහත්මීහු පිරිසක් ද එක්වූහ.

 

 

 



අදහස් (0)

‘‘මධ්‍යම පළාතේ ආයතනවලට පත්කරන අධ්‍යක්ෂවරුන් වැඩ නොකළොත් ඉවතට‘‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 27 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 875 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2509 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site