(නිමල කොඩිතුවක්කු)
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු සංචාරක ක්ෂේත්‍රය සඳහා රජය සහන ලබාදී ඇති බව පැවසුවත් මේ දක්වා කිසිඳු සහනයක් ලැබී නොමැති බව සංචාරක බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති නීල් ජයතිස්ස මහතා ලංකාදීපයට පැවැසීය.
මේ හේතුවෙන් ණය වාරික සහ ලීසිං ගෙවා ගැනීමට නොහැකිව සංචාරක බස්රථ හිමියන් දැඩි අසරණ තත්වයකට පත්ව ඇතැයිද ඔහු සඳහන් කළේය.
පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමඟ සංචාරක ක්ෂේත්‍රය කඩා වැටීම හේතුවෙන් වසරක කාලයක් සඳහා සංචාරක ක්ෂේත්‍රයේ නියුතුවූවන්ට ණය වාරික සහ ලීසිං ගෙවා ගැනීමට සහන ලබා දී ඇති බවට රජය පැවසුවත් එවැනි කිසිඳු සහනයක් ලැබී නොමැති බවත් ජයතිස්ස මහතා කීවේය.
ලීසීං වාරික ගොවා ගැනීමට නොහැකි වූ සංචාරක බස්රථ වාරික නොගෙවීම මත ලීසිං සමාගම් විසින් රැගෙන යාමට කටයුතු කර ඇති බවත් ඔහු සඳහන් කළේය.
සංචාරක කර්මාන්තය යළි යථාතත්වයට පත්වීම සඳහා මේ වසරේ නොවැම්බර් පමණ වන බැවින් එතෙක් සහන ලබාදෙන ලෙසට නව රජයෙන් ඉල්ලා සිටින බවත් ජයතිස්ස මහතා පැවැසීය.
එමෙන්ම සංචාරක බස්රථ හිමියන් මුහුණ දෙන ගැටළු ගැන සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබා දෙන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටින බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
2025 නොවැම්බර් මස 17
33
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
875
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2509
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
සංචාරක බස්රථ හිමියන්ගේ සංගමයෙන් රජයට චෝදනාවක්