(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)
දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි පිහිටි ඉඩම් හි විශාලත්වයන් ව්‍යාජ ලෙස සකස් කර ඔප්පු සාදා වංචාකාරි ලෙස විකිණීම සිදුකළ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් අද (3) ගාල්ල දිස්ත්‍රික් ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ දී සැකපිට අත් අඩංගුවට ගත් බව ගාල්ල පොලීසිය කියයි.
ගාල්ල පොලිස් බුද්ධි ඒකකයට ලැබුණූ තොරතුරක් මත මෙම යුවළ අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ මාලඹේ හා පිලියන්දල පදිංචිකරුවෝ වෙති. ඔවුන් වයස අවුරුදු 46 සහ 32 හැවිරිදි වියේ පසුවෙති.
සැකකාර යුවළ හෙට (4) ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
හොර ඔප්පු හදා ඉඩම් විකිණූ යුවළක් අත්අඩංගුවට