(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)
දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි පිහිටි ඉඩම් හි විශාලත්වයන් ව්‍යාජ ලෙස සකස් කර ඔප්පු සාදා වංචාකාරි ලෙස විකිණීම සිදුකළ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් අද (3) ගාල්ල දිස්ත්‍රික් ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ දී සැකපිට අත් අඩංගුවට ගත් බව ගාල්ල පොලීසිය කියයි.
ගාල්ල පොලිස් බුද්ධි ඒකකයට ලැබුණූ තොරතුරක් මත මෙම යුවළ අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ මාලඹේ හා පිලියන්දල පදිංචිකරුවෝ වෙති. ඔවුන් වයස අවුරුදු 46 සහ 32 හැවිරිදි වියේ පසුවෙති.
සැකකාර යුවළ හෙට (4) ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd