(නිශාන්ත කුමාර)
ගිරාදුරුකෝට්ටේ හා ඒ අවට ප්‍රදේශවලින් ගවයින් සොරාගෙන මසට විකිණීමේ ජාවාරමක් සම්බන්ධයෙන් පොලිසිය මග හරිමින් සිටි පුද්ගලයෙකු අද (03) මහියංගන ගම් උදා භූමිය අසළදී සැකපිට අත්අඩංගුවට ගත් බව ගිරාදුරුකෝට්ටේ පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මහියංගන ගම්උදාව ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 30 ක පුද්ගලයෙකි.
සැකකරු මහියංගන ප්‍රදේශයේ සිටින බවට ලද තොරතුරක් මත එහි ගිය ගිරාඳුරුකෝට්ටේ පොලිසියේ නිලධාරීහු පිරිසක් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු අද මහියංගන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ගිරාඳුරුකෝට්ටේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd