(කටුනායක ටී.කේ.ජී.කපිල )
විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් අබුඩාබි සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු අද (04) අලුයම කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය.
මොවුන් දෙදෙනා අතරින් එක් අයෙකු 28 හැවිරිදි වියේ පසුවන කොළඹ, මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර, අනෙක් ගුවන් මගියා කොළඹ, ගොතටුව ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි අයෙකු වේ. ඔවුන් ස්වයං රැකියාවල නියුක්ත වී සිටින්නන් දෙදෙනෙකි.
මොවුන් දෙදෙනා අද (04) අලුයම 5.30ට අබුඩාබි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 208 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
ඔවුන් දෙදෙනා විසින් රැගෙන විත් තිබූ ගමන් මලු තුළ රුපියල් 35,98,800ක් වටිනා දුම්වැටි 59,980 ක් අඩංගු දුම්වැටි කාටූන් 287 ක් සහ තවත් දුම්වැටි පැකට් 129 ක් ද සඟවා ගෙන තිබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
මේ පිළිබඳව විධිමත් රේගු පරීක්ෂණ කටයුතු නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරුන් වන කේ.එම්.රිෂ්වි මහතා විසින් සහ සුජීවනී අතපත්තු මහත්මිය විසින් පැවැත්වූ අතර, එහිදී මෙම දුම්වැටි සියල්ල රාජසන්තක කළ අතර , මෙම ගුවන් මගීන් දෙදෙනාට රුපියල් 70,000 ක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝගකර තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd