(ඩයනා උදයංගනී)
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නව අධ්‍යක්ෂ ජෙනරාල් වශයෙන් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා අද (03) වැඩ බාරගත්තේය.
යුද හමුදාවේ වසර 39ක් සේවය කර ඇති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන අතර යුද හමුදා මාණ්ඩලික විද්‍යාලයේ උපාධිධාරියකුද වේ.
පාකිස්තානු ජාතික ආරක්ෂක විද්‍යාලයෙන් යුද අධ්‍යයන පිළිබදව ප‍්‍රථම උපාධියක් සහ පශ්චාත් උපාධියක් හිමිකරගෙන ඇති රණසිංහ මහතා චීනයේ ජාතික ආරක්ෂක විද්‍යාලයෙන් යුද සහ දේශපාලන ක‍්‍රමෝපායන් පිළිබඳ උපාධිය ද හිමිකරගෙන ඇත.
සිය සේවා කාලය තුළ යුද ලේකම්, 53 වන සේනාංකාධිපති, ඉංජිනේරු බළකායේ අණදෙන නිළධාරි, කිලිනොච්චි, මුලතිව් සහ බස්නාහිර ආඥාපති, කොළඹ භාර ඒකාබද්ධ ආඥාපති, බෝම්බ නිශ්ක‍්‍රීය අංශයේ අණදෙන නිළධාරි ඇතුළු තනතුරු රාශියක් හොඹවා ඇති ඒ මහතා රණවික‍්‍රම, රණශූර සහ දේශපුත‍්‍ර ඇතුළු සේවා ඇගැයීම් පදක්කම් රාශියක් ද හිමි කරගෙන ඇත.
මීතොටමුල්ල කසළ කන්ද නායයෑම, අරණායක සාමසර කන්ද නායයාම, ගංවතුර ආපදා, කොස්ගම, ශාලාව යුද හමුදා කදවුරේ අවි ගබඩාව පිපිරීම ආදී ආපදා තත්ත්වයන් කළමනාකරණය කිරීමේ කටයුතු සඳහාත් ඔහු විසින් නායකත්වය ලබාදුන්නේය. 
2025 නොවැම්බර් මස 17
33
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
875
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2509
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් වැඩ අරඹයි
sampath Friday, 03 January 2020 01:14 PM
අපද ඒ සදහා සුදානම් වීම අවශ්‍යයයි. හැමදාම ගංවතුර, නියගය, නායයාම වගේ දේවල් සිද්ධ වෙනවා. ඒ වගේම බෝම්බ පිපිරීම් ආදියත් සිද්ධ උනා. මුලින්ම කළ යුත්තේ විශාල ජනතාවකට ආපදවකදී එක්රැස් විය හැකි ස්ථාන පිහිටුවීමය. ඊලගට තෝරාගත් ස්ථාන කිහිපයක පහසුකම් වෙඩි දියුණු කළ යුතුයි. උදාහරණ තෝරාගත් පාසල් හෝ පන්සල්, මේවායේ විශ්‍රාම ශාලා සෑදිය යුතුය.