IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


වවුනියාව ලංගම බස් වර්ජනය අවසන්

(රොමේෂ් මධුෂංඛ)

වවුනියාව ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයින්ට අත්තනෝමතික ලෙස උසස්විම්  ලබා දී ඇති හෙයින් එම උසස්වීම් අවලංගු කරන ලෙස ඉල්ලා වවුනියාව ඩිපෝ සේවකයින් රියදුරන් ඇතුළු කොන්දොස්තරවරුන් අද (2) සේවයෙන් ඉවත්ව සිදුකළ වැඩ වර්ජනය නැවත්වීමට පියවර ගෙන ඇත.

වව්නියාව ලංගම බස් සෙවකියන් හා කොළඹ සමස්ත ලංකා වෘත්තීය බස් හිමියන්ගේ සංගමය ඇතුළු පාර්ශව කිහිපයක සාමාජිකයින් සමඟ සිදුකළ සාකච්ඡාවකින් ඉදිරියේදී විසඳුම් ලබා දීමට පොරොන්දු වීමෙන් පසුව වැඩවර්ජනය අතහැර දැමීමට වව්නියාව ලංගම බස් සේවකයින් පියවර ගනු ලැබීය.

දේශපාලන හිතවත්කම් හා විවිධ බලපෑම් මත නීත්‍යනුකූල ක්‍රියාපටිපාටියකින්  තොරව වවුනියාව ඩිපෝ‍වේ ලංගම සේවකයින් 10 දෙනෙකු පමණ වව්නියාව ඩිපෝවේ කළමනාකාරු අත්තනෝමතික ලෙසට උසස්වීම් ලබාදී ඇති අතර එයින් ජ්‍යෙෂ්ඨ සේවකයින් වෙත දැඩි අසාධාරණයක් සිදුව ඇති හෙයින් වහාම කණිෂ්ඨ සේවකයින්ට ලබා දී ඇති උසස්වීම් අවලංගු කරන ලෙස පවසමින් මෙලෙස වැඩවර්ජනයේ නිරත වූහ.

ලංගම සේවකයිනගේ වැඩවර්ජනය හේතුවෙන් වවුනියාව ඩිපෝවෙන් ධාවනය වීමට නියමිතව තිබූ බස්රථ සියල්ල අද දිනයේ ධාවනය නොවූ අතර එම හේතුවෙන් පාසල් සිසුන් හා රැකියා සඳහා පිටත්ව යන මගීන් විශාල පිරිසක් අපහසුතාවටයට පත්විය.



අදහස් (0)

වවුනියාව ලංගම බස් වර්ජනය අවසන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 33 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 875 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2509 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site