(වියලුවේ නිශාන්ත කුමාර)
යතුරු පැදියකින් ගංජා පාර්සලයක් ප්‍රවාහනය කරමින් සිටි තරුණයින් දෙදෙනෙකු අද (04) දහවල් මහියංගන - රත්කිඳ ප්‍රධාන මාර්ගයේ කෝන්ගස්හංදිය අසලදී ඔවුන් සතුව තිබූ ගංජා පාර්සලය සහ යතුරු පැදියද සමග අත්අඩංගුවට ගත් බව ගිරාඳුරුකෝට්ටේ පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ රත්කිඳ හා ගිරාඳුරුකෝට්ට ගල් කසර් හන්දිය පදිංචි අවුරුදු 26 සහ 29 වයස්වල පසුවන තරුණයන් දෙදෙනෙකි.
ඔවුන් සතුව තිබූ ගංජා ප්‍රමාණය මෙතෙක් ගණනය කර නොමැත.
තරුණයින් දෙදෙනෙකු මහියංගන-රත්කිඳ ප්‍රධාන මාර්ගයේ යතුරුපැදියකින් ගංජා පාර්සලයක් රැගෙන යන බවට පොලිසිය වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් අද (04) දින උසාවියට ඉදිරිපත් කිරීම්ට නියමිතය.
ගිරාඳුරුකෝට්ටේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජනක විතානාරච්චි මහතාගේ උපදෙස් පරිදි ගිරාඳුරුකොට්ටේ පොලිස් නිලධාරීහු සැකකරුවන්, යතුරු පැදිය සහ ගංජා පාර්සලය අත්අඩංගුවට ගැනීමට කටයුතු කළහ.
ගිරාඳුරුකෝට්ටේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
යතුරු පැදියෙන් ගංජා ගෙනගිය දෙදෙනා අත්අඩංගුවට