IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


පොලිස් සැරයන්වරයකුට පහරදුන් 6දෙනෙකු අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
ගල්කිස්ස පන්සල පාර අසළදී පොලිස් සැරයන්වරයකුට පහරදුන් බීමත් පුද්ගලයන් සයදෙනෙකු අද(02) අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි.
 
අත්අඩංගුවට ගත් පිරිස පිරිස වෘත්තියෙන් ලී මෝල් ව්‍යාපාරිකයන් බව පොලිසිය පවසයි.
 
මෝටර් රථයක් අපරික්ෂාකාරීව ධාවනය වන බවට රියදුරන් කිහිපදෙනෙකු දෙහිවල පොලිසියට දැනුම් දී තිබූ අතර, දෙහිවල පොලිසිය ඒ බව ගල්කිස්ස පොලිසිය දැනුවත් කර තිබිණි.
 
කොළඹ සිට ගල්කිස්ස දෙසට පැමිණෙමින් තිබූ මෝටර් රථය නැවතීමට පොලිස් නිලධාරීන් සංඥා කර තිබූ අතර, අණ නොතකා එය ධාවනය කර තිබිණි. මෝටර් රථය බස් රථයක ගැටී නතර වී ඇති අතර රියදුරුගෙන් සැරයන්වරයා මෝටර් රථ බලපත්‍රය ඉල්ලූ විට ඔවුන් පහරදී ඇතැයි පොලිසිය කියයි.
 
අත්අඩංගුවට ගත් හයදෙනාගෙන් පුද්ගයන් පස්දෙනෙකු සැරයන්වරයාට පහරදෙන විට අනෙක් පුද්ගලයා ජංගම දුරකතනයෙන් එය වීඩියෝ ගතකරමින් සිටි බව පොලිසිය පවසයි.
 
පහර කෑ සැරයන්වරයා කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
 
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

පොලිස් සැරයන්වරයකුට පහරදුන් 6දෙනෙකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 33 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 875 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2509 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site