(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පානදුර පමුණුගම ඉඩමකදී, බෙලි ගෙඩි කැඩීමට ගසකට නැගුණු පුද්ගලයකු අද(06) ගසින් වැටී මියගොස් ඇතැයි පානදුර පොලිසිය කියයි.
මියගොස් ඇත්තේ පානදුර අලුබෝමුල්ල, කීනගම, ජනප්‍රිය මාවත පදිංචිව සිටි සරත් චන්ද්‍රසිරි නමැති 49 හැවිරිදි එක් දරු පියෙකි.
එම තැනැත්තා කුලී රැකියාවක නිරතවන්නකු බවද, වෙනත් පුද්ගලයකුට අයත් ඉඩමකට ගොස් එහි වූ බෙලි ගසට නැගීමේදී ගසෙන් වැටී අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි.
එම ඉඩමේ තිබූ සිමෙන්ති කණුවක ගැටී හිසට බරපතල තුවාල සිදුවීම හේතුවෙන් මියගොස් ඇතැයි අනාවරණය වී ඇත.
පානදුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd