IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


හම්බේගමුවේදී අල්ලසක් ගන්න ගිය දෙන්නෙක් අත්අඩංගුවට

(ඞී.කේ.රත්න )
 
ජනාධිපති ලේකම් කාර්යාලය මගින් ලබා දෙන නිවාස ආධාරයක් සහ ශිෂ්‍යත්වයක් ලබා දෙන බව පවසමින් තණමල්විල හම්බෙගමුව අලූත්වැව පාර ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයකුගෙන් රුපියල් 5,000 අල්ලසක් ලබා ගැනීමට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු යතුරු පැදියකුත් සමඟ අද (5) අත්අඩංගුවට ගෙන ඇතැයි හම්බෙගමුව පොලීසිය පවසයි.
 

 තණමල්විල පදිංචි වයස අවුරුදු 27 ක්  සහ වයස අවුරුදු 31 පුද්ගලයින් දෙදෙනෙකු මෙසේ හම්බෙගමුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
 
 තමන් ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවය කරන බව පවසා හම්බෙගමුව අලූත්වැව පාර ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයකු හට  නිවාස ආධාරයක් හා ඔහුගේ දියණියට ශිෂ්‍යත්වයක් ලබාදීමට නම් රුපියල් පන්දහසක මුදලක් ලබා දෙන ලෙස දුරකතනයෙන් දැනුම්දී එම මුදල රැගෙනයාමට පැමිණි අවස්ථාවේදී ඔවුන් පැමිණි යතුරුපැදියත් සමග අත්අඩංගුවට ගෙන ඇත.
 
 අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයින් වැල්ලවාය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. 



අදහස් (0)

හම්බේගමුවේදී අල්ලසක් ගන්න ගිය දෙන්නෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 33 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 875 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2509 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site