
(ජේ. ඒ. එල්. ජයසිංහ)
මහනුවර ඓතිහාසික ඇසළ මහ පෙරහර වෙනුවෙන් කප් සිටුවීම ඓතිහාසික සිවු මහා දේවාලවලදී අගෝස්තු 13 වැනිදා පෙරවරුවේ සුබ නැකතින් සිදු කිරීමට තීරණය කර ඇත.
කප් සිටුවීමෙන් අනතුරුව පළමු කුඹල් පෙරහර අගෝස්තු18 වැනිදා ආරම්භ වී අගෝස්තු 22 දක්වා පැවත්වේ.
ප්‍රථම රන්දෝලි පෙරහර අගෝස්තු 23 වැනිදා රාත්‍රී වීථී සංචාරය කෙරේ.
අවසන් රන්දෝලි පෙරහර අගෝස්තු 27 වැනිදා පවත්වා 28 වැනිදා දහවල් පෙරහර වීථී සංචාරය කිරීමෙන් පසු, පෙරහර සාර්ථකව අවසන් කළ බවට සඳහන් ,පෙරහර සංදේශය, දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ෙවත බාර ෙදනු ලැබිෙමන් අනතුරුව මහනුවර ඇසළ මහා පෙරහර මංගල්‍යය නිමාවට පත්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd