IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


පාපැදිය ලිස්සා තාප්පයක හැපී දැරිය මරුට

(කේ.බුද්ධික කුමාරසිරි)

පාපැදියක් පදිමින් සිටියදී එය ලිස්සා ගොස් මාර්ගය අසළ තිබූ තාප්පයක ගැටීමෙන් අද (5) සිදු වූ අනතතුරින් බරපතල තුවාල ලැබූ 15 හැවිරිදි දැරියක් හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇතැයි හංවැල්ල පොලිසිය පවසයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ උස්වැටකෙයියාව තල්දියාවත්ත ලූණාව පාර ප‍්‍රදේශයේ පදිංචිව සිටි බුලත්සිංහලගේ අසින්තා නිරෝෂනී නැමැති 15 හැවිරිදි දැරියකි.

මිය ගිය දැරිය සිය දෙමාපියන් සමඟ උස්වැටකෙයියාවේ සිට සිය මහප්පාගේ ජල්තර ප‍්‍රදේශයේ පිහිටි නිවස වෙත ඉකුත් රාතී‍්‍ර පැමිණ ඇති අතර දහවල් අසල්වාසි දරුවන් සමඟ සෙල්ලම් කරමින් සිටියදී මිය ගිය දැරිය විසින් නිවසේ පසෙක දමා තිබූ කුඩා පාපැදියක් ගෙන එන ලෙස මහප්පාගේ පුතාට පවසා ඇති අතර එම පාපැදිය ගෙනවිත් දීමෙන් පසු ඇය තනිවම පාපැදිය පැදගෙන ගොස් තිබේ.

එලෙස පාපැදිය පැදගෙන ගිය දැරිය නිවස වටා ඇති මාර්ගයෙන් ගොස් විශාල පල්ලමක් සහිත මාර්ගයක පාපැදිය පැදගෙන යන අතරතුර වැලමිට වංගුවකදී එක්වරම පාපැදිය ලිස්සා ගොස් නිවසක තාප්පයක වැදී ඇතැයි සිදුකළ මූලික පරීක්ෂණයේ දී අනාවරණය වී තිබේ.

දැරිය පැදගෙන ගිය පාපැදියේ තිරිංග පද්ධතිය කැඩී ගොස් තිබූ බවත් ඒ හේතුවෙන් එම පාපැදියේ තිරිංග කි‍්‍රයාකාරී මට්ටමේ නොතිබූ බවද එම පාපැදිය පරීක්ෂා කිරීමේදී අනාවරණය වූ බවද හංවැල්ල පොලිසිය පවසයි.



අදහස් (1)

පාපැදිය ලිස්සා තාප්පයක හැපී දැරිය මරුට

d.upul Sunday, 05 January 2020 01:58 PM

දැන්වත් කියල දෙන්න පාපැදියක් පදින විට වුනත් ආරක්ෂක හිස් ආවරණයක් පළදින්න.

:       0       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 33 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 875 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2509 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site