(කේ.බුද්ධික කුමාරසිරි)
පාපැදියක් පදිමින් සිටියදී එය ලිස්සා ගොස් මාර්ගය අසළ තිබූ තාප්පයක ගැටීමෙන් අද (5) සිදු වූ අනතතුරින් බරපතල තුවාල ලැබූ 15 හැවිරිදි දැරියක් හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇතැයි හංවැල්ල පොලිසිය පවසයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ උස්වැටකෙයියාව තල්දියාවත්ත ලූණාව පාර ප‍්‍රදේශයේ පදිංචිව සිටි බුලත්සිංහලගේ අසින්තා නිරෝෂනී නැමැති 15 හැවිරිදි දැරියකි.
මිය ගිය දැරිය සිය දෙමාපියන් සමඟ උස්වැටකෙයියාවේ සිට සිය මහප්පාගේ ජල්තර ප‍්‍රදේශයේ පිහිටි නිවස වෙත ඉකුත් රාතී‍්‍ර පැමිණ ඇති අතර දහවල් අසල්වාසි දරුවන් සමඟ සෙල්ලම් කරමින් සිටියදී මිය ගිය දැරිය විසින් නිවසේ පසෙක දමා තිබූ කුඩා පාපැදියක් ගෙන එන ලෙස මහප්පාගේ පුතාට පවසා ඇති අතර එම පාපැදිය ගෙනවිත් දීමෙන් පසු ඇය තනිවම පාපැදිය පැදගෙන ගොස් තිබේ.
එලෙස පාපැදිය පැදගෙන ගිය දැරිය නිවස වටා ඇති මාර්ගයෙන් ගොස් විශාල පල්ලමක් සහිත මාර්ගයක පාපැදිය පැදගෙන යන අතරතුර වැලමිට වංගුවකදී එක්වරම පාපැදිය ලිස්සා ගොස් නිවසක තාප්පයක වැදී ඇතැයි සිදුකළ මූලික පරීක්ෂණයේ දී අනාවරණය වී තිබේ.
දැරිය පැදගෙන ගිය පාපැදියේ තිරිංග පද්ධතිය කැඩී ගොස් තිබූ බවත් ඒ හේතුවෙන් එම පාපැදියේ තිරිංග කි‍්‍රයාකාරී මට්ටමේ නොතිබූ බවද එම පාපැදිය පරීක්ෂා කිරීමේදී අනාවරණය වූ බවද හංවැල්ල පොලිසිය පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්වත් කියල දෙන්න පාපැදියක් පදින විට වුනත් ආරක්ෂක හිස් ආවරණයක් පළදින්න.