(පද්මා කුමාරී කංකානම්ගේ )
කල්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයාට ලබා දී ඇති ස්ථාන මාරුව වහා අත්හිටුවන ලෙස ඉල්ලා, එම පොලිස් ස්ථානය ඉදිරිපිටදී ප්‍රදේශවාසීහු අද(06) විරෝධතාවක නිරත වූහ.
කල්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා ප්‍රදේශයේ මත් ජාවාරම මැඩලීමටත්, විශාල සේවයක් කළ බැව් පැවසූ උද්ඝෝෂකයෝ , ඒ මහතාගේ ස්ථාන මාරුව අහෝසි කර දෙන ලෙසට බලධාරීන්ගෙන් ඉල්ලා සිටිය හ.
කල්පිටිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති විජිත ප්‍රනාන්දු, ප්‍රාදේශීය සහා මන්ත්‍රීවරුන් ප්‍රමුඛ විශාල පිරිසක් මීට සහභාගීව සිටිය හ.
පැයකට ආසන්න කාලයක් උද්ඝෝෂණයේ නිරත වූ පිරිස සාමකාමීව විසිර ගිය හ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd