(ජයන්ත සමරකෝන්)

කලටුවැව ජලාශයෙන් ජලය සැපයෙන ප්‍රධාන ජලනල මාර්ගයේ අලුත්වැඩියාවන් හේතුවෙන් මහරගම ඇතුළු ප්‍රදේශ ගණනාවකට හෙට (7) පෙරවරු 9.00 සිට පසුදින (8) පෙරවරු 9.00 දක්වා පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව මහරගම, කොට්ටාව, පන්නිපිටිය, රැක්මල්ගම, පැලවත්ත,මත්තේගොඩ, මීපේ හා පාදුක්ක යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවද මණ්ඩලය කියයි.

මෙහිදී ජල පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාවය පිළිබඳව මණ්ඩලය සිය කණගාටුව පළ කරයි.