IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


දිවුලපිටියේ පාසලක උණුසුම් තත්වයක්

(පුෂ්පකුමාර මල්ලවආරච්චි) 
 
සේවා මාරුවක් ලද දිවුලපිටිය කුඩගම්මන මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිනිය ඊට අනුව කටයුතු නොකර අද(9) එම පාසලට නැවත පැමිණීම හේතුවෙන් එහි උණුසුම් තත්වයක් ඇති විය.
 
නියෝජ්‍ය විදුහල්පතිනිය  විදුහල්පතිනිය ඇතුලූ ගුරුවරුන්ගේ පාසල් පරිපාලනයට බාධා කරමින් තම දරුවන්ට ඉගැන්වීම් නොකර ඇයගේ පෞද්ගලික කටයුතුවල යෙදෙන බවටත් චෝදනා කරමින් පසුගිය 7 හා 8 දිනවල දෙමාපියන් දරුවන්ද සමග විරෝධතාවයක යෙදුණහ. ඒ අනුව, බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගේ අනුමැතිව යටතේ මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඒ. වජිර රණරාජා පෙරේරා මහතා විසින්  ඊයේ( 8) සිට වහා කි‍්‍රයාත්මක වන පරිදි ඇයව දිවුලපිටිය කොට්ඨාස කාර්යාලය වෙත තාවකාලිකව අනුයුක්ත කරනු ලැබ තිබිණි.
 
එසේ තිබියදී ඇය අද පාසලට පැමිණ එහි සේවය කිරීමට උත්සාහ ගැනීම හේතුවෙන් මව්පියවරු සහ ගුරුවරු ඊට විරෝධය පළ කළහ. ඇය අදාළ මාරුවීම අනුව කටයුතු නොකරන්නේ නම් තම දරුවන් පාසලෙන් ඉවත් කර ගන්නා බව දෙමාපියෝ ප‍්‍රකාශ කළහ. දිවුලපිටිය පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක යූ.පී.එස් පි‍්‍රයන්ත මහතා ඇතුලූ පොලිස් පිරිසක් පැමිණ නියෝජ්‍ය විදුහල්පතිනියට මාරුවීම අනුව කටයුතු කරන ලෙස දැනුම් දුන්නේය.
 
තාවකාලිකව මාරුවීම් කළ ලිපිය ලබා ගැනීමද ප‍්‍රතික්ෂේප කළ නියෝජ්‍ය විදුහල්පතිනිය පසුව මේ ගැන පොලිසියේ පැමිණිල්ලක් කර පිටව යාමට එකග වූවාය.
 
මේ තත්තවය හේතුවෙන් පැයකටත් වැඩි වේලාවක් පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සම්පූර්ණයෙන්ම අඩාලව පැවැතිණි. නියෝජ්‍ය විදුහල්පතිනිය පිටව යාමෙන් පසු රැස්ව සිටි මව්පියවරුද විසිර ගියහ.



අදහස් (0)

දිවුලපිටියේ පාසලක උණුසුම් තත්වයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 27 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 875 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2508 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site