(පැතුම් දර්ශන)
විදේශ රැකියා ලබාදෙන බව පවසමින් කාන්තාවන් නවදෙනෙකුගෙන් ලක්ෂ 13කට අධික මුදලක් වංචා කළ කන්තාවක් හොරොව්පොතාන පරංගියාවාඩිය ප්‍රදේශයේදී අද (11) අත්අඩංගුවට ගත් බව හොරොව්පොතාන පොලිසිය කියයි.
මුදල් ලබාදුන් කාන්තාවන් පොලිසියට කළ පැමිණිල්ලක් අනුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හොරොව්පොතාන පරංගියාවාඩිය ප්‍රදේශයේම පදිංචි 45 හැවිරිදි විවාහක කාන්තාවකි.
වියට්නාමයේ විවිධ රැකියා ලබා දෙන පවසමින් ඇය මෙම මුදල් වංචා කර ඇති බවට අනාවරණය වී තිබේ.
එක් කාන්තාවන්ගෙන් රුපියල් ලක්ෂකට ආසන්න මුදලක් ලබාගෙන ඇති බවට පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන ඇත.
මෙම කාන්තාවගෙ සැමියා කටාර් රාජ්‍යයෙ රැකියාවක නිරතවන බවත් එම සම්බන්ධතා පෙන්වාදෙමින් ඇය මුදල් වංචා කර ඇති බවත් පොලිසිය කියයි.
අත් අඩංගුවට ගත් කාන්තාව අද (11)කැබිතිගොල්ලෑව මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 නොවැම්බර් මස 17
27
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
875
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2508
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
විදෙස් රැකියා දෙන බව අඟවා මුදල් වංචා කළ කතක් අත්අඩංගුවට