(ඉන්දිකා රාමනායක)
වෙන්නප්පුව කම්මලවැල්ල මුහුදු ප්‍රදේශයේ දිය නාමින් සිටි පිරිසක් අතරින් තිදෙනකු අද (11) දියේ ගිලී ගොස් මියගොස් ඇති බව පොලිසිය කියයි.
අතුරුදන් තිදෙනාගෙන් කාන්තාවකගේ හා පිරිමි පුද්ගලයකුගේ සිරුරු සොයා ගෙන ඇති අතර සෙසු පුද්ගලයාගේ මළ සිරුර මෙතෙක් හමුවී නොමැත.
මියගිය පිරිස සදලංකාවේ හා මාකදුරේ පදිංචිකරුවෝ වෙති.
මිය ගිය දෙදෙනාගේ සිරුරු දංකොටුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
අතුරුදන් පුද්ගලයාගේ සිරුර සෙවීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බවද පොලිසිය පවසයි.
වෙන්නප්පුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd