හිටපු නියෝජ්‍ය ඇමතිගේ නිවසින් රන් භාණ්ඩ අතුරුදන් වීම ගැන තිදෙනෙකු අත්අඩංගුවට හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ මින්නේරිය ආසන සංවිධායක චන්ද්‍රසිරි සූරියආරච්චි මහතාට අයත් පොළොන්නරුව, නවනගරය, 2 ඇළ නිවසේ තිබී ලක්ෂ 25 ක පමණ ස්වර්ණාභරණ අතුරුදන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් තිදෙනෙකු අද (16) අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව පොලිසිය කියයි. 16 January 2020
වේවැල්හින්න වත්තේ දෙපිරිසක් අතර ගැටුමක් බදුල්ල වේවැල්හින්න වත්තේ කම්කරුවන් දෙපිරිසක් අතර අද (15) ඇති වූ ගැටුමකින් තුවාල ලැබූ හත් දෙනෙකු බදුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබේ. 15 January 2020
බාලවයස්කාර දැරියකට අතවර කළ අයෙකු අත්අඩංගුවට හිඟුරක්ගොඩ පදිංචි බාලවයස්කාර දැරියක අපයෝජනය කිරීම සම්බන්ධයෙන් සැකපිට යුද හමුදා පොලිස් සේවා බලකායේ සෙබළෙකු අද (15) අත්අඩංගුවට ගත් බව හිඟුරක්ගොඩ පොලිසිය පැවසීය. 15 January 2020
ලක්ෂ හතක හොරොයින් සමඟ 2 ක් පොලිස් දැලේ රුපියල් ලක්ෂ හතකට ආසන්න වටිනා හොරොයින් මත්කුඩු සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අද (15) කලුතරදී අත්අඩංගුවට ගත්බව කලුතර උතුර පොලිසිය කියයි. 15 January 2020
තංගල්ල රෝහලේ ළමා වාට්ටු සංකීර්ණය අගමැති ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ තංගල්ල මූලික රෝහලේ නව ළමා වාට්ටු සංකීර්ණය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) විවෘත කෙරිණි. 15 January 2020
‘‘වතු කම්කරුවන්ගේ වැඩිකළ වැටුප ගැන වතු සමාගම් සමඟ සාකච්ඡා කරනවා‘‘ ජනාධිපතිවරයා විසින් වතු කම්කරුවන්ට වැඩිකළ රුපියල් 1000 ක වැටුප සම්බන්ධයෙන් ලබන සතියේ වතු සමාගම් සමඟ සාකච්ඡාවක් පවත්වන බව ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති සහ ප්‍රජා සවිබල ගැන්විමේ සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමන් මහතා පැවසීය. 15 January 2020
බදුල්ල කලාප අධ්‍යක්ෂකට ගුරු සංගමයෙන් චෝදනා බදුල්ල අධ්‍යාපන කලාපයේ පුරප්පාඩුව තිබූ පාසල් 15කට ස්ථිර ශ්‍රේණිධාරී විදුහල්පතිවරුන් පත්කර ඇතත්, ඇතැම් විදුහල්පතිවරුන් ඒවායෙහි වැඩ බාරනොගැනීම සම්බන්ධයෙන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව ගුරු සංගමය චෝදනා කරයි. 15 January 2020
ත්‍රිරෝද රථයක් පෙරැළී දරුවෙක් මියයයි බලන්ගොඩ නන්පෙරියල් ප්‍රදේශයේ ත්‍රිරෝද රථයක් පෙරළීමෙන් එහි ගමන් කළ වයස අවුරුදු හතක දරුවෙකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. 15 January 2020
ලක්ෂ 6 ක දුම්වැටි සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට සිල්ලර වෙළඳසැලක් පවත්වාගෙන යන මුවාවෙන් නිතිවිරෝධි අයුරින් මෙරටට ගෙන්වූ දුම්වැටි තොග වශයෙන් අලෙවි කළ පුද්ගලයකු රුපියල් ලක්ෂ 6 කට අධික වටිනා දුම්වැටි තොගයක් සමඟ බේරුවල දී අද (15) අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය පවසයි. 15 January 2020
වන්දනාකරුවන්ට පණුවන් සහිත ආහාර දුන් වෙළඳසැළකට මුද්‍රා තැබෙයි ශ්‍රී පාද වන්දනාවේ පැමිණි වන්දනා නඩයකට පණුවන් සහිත ආහාර ලබා දුන් ආපන ශාලාවක් අද (15) මුද්‍රා තැබූ බව නල්ලතන්නිය මහජන සෞඛ්‍යය පරීක්ෂක කාර්යයාලයේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරු පවසති. 15 January 2020
හොරෙන් ජලය ගත් දඩය ගෙවන්න සති දෙකක් කොළඹ නගරයේ ප්‍රධාන පෙළේ ඉදිකිරිම් කටයුතුවල නිරතව සිටින මහා පරිමාණ දේශිය ඉදිකිරිම් සමාගමක් වසර දෙකකට අධික කාලයක් තිස්සේ හොරොන් ජලය ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙතෙක් ගෙවා නොමැති රුපියල් ලක්ෂ 36 ක දඩය සති දෙකක් ඇතුළත ගෙවීමට කොළඹ බටහිර නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී කාර්යාලය මගින් නිවේදනයක් නිකුත් කර තිබේ. 15 January 2020
ආඳාදොළ ඇල්ල බලන්න පොලිතින්- මත්පැන් ගෙනයාම තහනම් අඟුරුවාතොට රෙමුණ ආඳාදොළ ඇල්ල නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට අද(15) සිට මත්පැන් සහ පරිසරය අපවිත්‍ර කරන ද්‍රව්‍ය රැගෙන පැමිණීම තහනම් බව අඟුරුවාතොට පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතා කියයි. 15 January 2020
කලුතර නගරාධිපතිට තර්ජනය කළ පුද්ගලයෙක් අත්අඩංගුවට කලුතර දකුණ පොලිසිය තුළදී කලුතර නගරාධිපති අමීර් නසීර් මහතා තර්ජනය කළ පුද්ගලයකු අද (15) අත්අඩංගුවට ගත් බව කලුතර දකුණ පොලිසිය පවසයි. 15 January 2020
අධිවේගී මාර්ගයේ කළු ගල් තබා ගම්වාසීහු විරෝධයක දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් හේතුවෙන් මොරයාය සිට අඟුණකොළපැලැස්ස දක්වා මාර්ගයේ ගමනාගමනය අසීරු බව කියමින් අද(15) ගම්වාසීහු පිරිසක් විරෝධය දැක්වූහ. 15 January 2020
නීතී විරෝධි අවි ආයුධ කම්මලක් වටලයි නීති විරෝධී අන්දමින් ගල්කටස් වර්ගයේ ගිනි අවි බෙහෙත් කොටන තුවක්කු, කඩු ඇතුළු අවි ආයුධ නිෂ්පාදනය කර අලෙවි කරන බව කියන කම්මලක් වටලා එම කම්මලේ සහායකවරයා අත්අඩංගුවට ගැනීමට අඟුණකොළපෑළැස්ස පොලිස් ස්ථානයේ නිලධාරීහු අද(15) සමත් වූහ. 15 January 2020
ව්‍යාපෘති වලට මුදල් නොලැබීමෙන් බදුල්ලේ ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවෝ අමාරුවේ බදුල්ල දිස්ත්‍රික්කයේ රාජ්‍ය ගොඩනැගිලි සහ මාර්ග ඉදිකිරීම් වෙනුවෙන් වසර දෙකක සිට තමන්ට ලැබිය යුතු මුදල් මෙතෙක් ලැබී නොමැති බවත් තම ව්‍යාපාර කඩාවැටී තමන් දැඩි අසිරු තත්වයකට පත්ව ඇති බවත් බදුල්ල දිස්ත්‍රික්කයේ ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවෝ අද (14) බදුල්ලේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසූහ. 14 January 2020
ව්‍යාජ සිගරට් ළඟ තබාගත් අයෙකු අත්අඩංගුවට විදේශ රටකින් ආනයනය කරන ලද ව්‍යාජ සිගරට් 120 ක් සමඟ පුද්ගලයෙකු ඇල්ල කරදගොල්ල ප්‍රදේශයේදී අද (14) අත්අඩංගුවට ගෙන ඇතයි ඇල්ල පොලිසිය පවසයි. 14 January 2020
නාවක්කාඩුව වෙරළ තීරයේ තිබී බීඩි තොගයක් හමුවෙයි නොරොච්චෝල නාවක්කාඩුව වෙරළ තීරයේ තිබී බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1080 ක් සහිත ගෝනි 30 ක් අද (14) සොයා ගත් බව නොරොච්චෝල පොලිසිය පවසයි. 14 January 2020
දියත උයනේ නඩත්තු විධිමත් කරන්නැයි අගමැතිගෙන් උපදෙස් බත්තරමුල්ල, දියත උද්‍යානයේ නඩත්තු කටයුතු විධිමත්ව සිදුකරන ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ. 14 January 2020
මුතුරාජවෙල කුණු විසට අවට ජලජ ජීවීහු මියයති අරුවක්කාලුවට කුණු බැහැරකිරිම නවතා දැමීමට තීරණය කිරිමත් සමග විකල්ප ස්ථානයක් ලෙස මුතුරාජවෙල යොදාගැනීමෙන් හැමිල්ටන් ඇල දූෂණය වී එහි ජලජ ජීවීන් හා මසුන් විශාල පරිමාණයෙන් මියගොස් ඇතැයි තෙත්බිම් උරුමය සංවිධානය චෝදනා කරයි. 14 January 2020
රත්ගම කසළ ප්‍රතිචක්‍රිය මධ්‍යස්ථානයට කසළ ප්‍රවාහනය තහනම් කරමින් අධිකරණ නියෝගයක් රත්ගම පන්විල මොන්රෝවියා වත්තේ කසළ ප්‍රතිචක්‍රියකරණ මධ්‍යස්ථානයට කසළ ප්‍රවාහනය කිරිමත් එම මධ්‍යස්ථානයට කසළ බාර ගැනිමත් තහනම් කරමින් ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා දකුණු පළාත් පාලන කොමසාරිස්වරයාටත් කසළ ප්‍රතිචක්‍රියකරණ මධ්‍යස්ථානයේ බාරකරුටත් අද (14) කොන්දේසි සහිත ආඥාවක් නිකුත් කළේය. 14 January 2020
චීන විදේශ ඇමැති - දිනේෂ් ගුණවර්ධන අතර සාකච්ඡාවක් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා අද (13) විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීය. 14 January 2020
මාදුරුඔය වනෝද්‍යානයේ දඩයමේ ගිය දෙදෙනක් අත්අඩංගුවට මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ දිවුලපතාන ප්‍රදේශයේදී වන සතුන් දඩයම් කිරීම සඳහා පැමිණි කියන පුද්ගලයෝ දෙදෙනෙකු මෙරට සාදන බෙහෙත් කොටන තුවක්කු 2 ක්, ඊයම් උණ්ඩ, වෙඩි බෙහෙත් තොගයක්ද සමඟ අද (14) අත්අඩංගුවට ගත් බව වනජීවී නිළධාරීහු කියති. 14 January 2020
විදුහල්පතිවරයකු ඉල්ලා සිසුහු - මව්පියවරු විරෝධයක මුලතිව් පුදුකුඩිඉරිප්පු ශ්‍රී මුරුගානන්ද විද්‍යාලයට විදුහල්පතිවරයෙකු පත්කරන ලෙස ඉල්ලා පාසල් සිසුහු සහ මව්පියවරු අද (14) විරෝධතාවක නිරත වූහ. 14 January 2020
ගල් වලක් හේතුවෙන් රත්තොට නායයාමේ අවදානමක් නකල්ස් ආශ්රිත පේරක කලාපයක් වන රත්තොට කලාපයේ ලොන්විල් ප්‍රදේශයේ ගල් වලක බෝරදැමීම හේතුවෙන් ප්‍රදේශයේ නායයාමේ අවදානමක් මතුව තිබේ. මේ හේතුවෙන් විශාල පස් කඳු කඩාවැටෙන බවද, ජලයට ගල්කුඩු මිශ්‍රවන බවද, මේ වනවිට පවුල් 30ක් ප්‍රදේශයෙන් ඉවත් කිරීමට සිදුව ඇති බවද ඔවුහු කියති. 14 January 2020
කාන්තා වැසිකිළි වීඩියෝ කළ කම්කරුවා අත්අඩංගුවට බදුල්ලේ රාජ්‍ය ආයතනයක කාන්තා වැසිකිළියේ ජංගම දුරකතනයක් රඳවා වීඩියෝ කළැයි සැකපිට කාර්යාලයේම සේවය කරන කම්කරුවෙක් බදුල්ල පොලිසිය විසින් අද (14) අත් අඩංගුවට ගෙන තිබේ . 14 January 2020
උච්චිමුණේ දූපතට විධිමත් පෙර පාසලක් කල්පිටිය උච්චිමුණේ දූපතේ දරුවන් සඳහා දූපත් ඉතිහාසයේ ප්‍රථම වරට විධිමත් පෙර පාසලක් වයඹ පළාත් පූර්ව ළමා විය අධ්‍යාපන සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ එච්.පී.එස්.ඒ.බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13) ආරම්භ කෙරිණි. 13 January 2020
අනතුරකින් පසු හෘදයාබාධයක් ඇතිවී ත්‍රීරෝද රථ රියදුරෙක් මරුට මෝටර් රථයක් ත්‍රී රෝද රථයක ගැටී සිදු වූ අනතුරත් සමඟ රියදුරන් දෙදෙනා අතර බහින් බස් වීමක් ඇති වී එය දුරදිග ගොස් ත්‍රී රෝද රථ රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් අද (13) මියගොස් ඇතැයි හෝමාගම පොලිසිය පවසයි. 13 January 2020
රිවොල්වරයක් සමඟ අයෙක් අත්අඩංගුවට මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ ප්‍රධාන පෙලේ සාමාජිකයෙකු විදේශීය රටක නිෂ්පාදිත රිවොල්වර් වර්ගයේ ගිනි අවියක් සමඟ අද (13) කිරිදිවැල මයිලවලාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්බව බස්නාහිර පළාත් උතුර දිසා අපරාධ කොට්ඨාසය කියයි. 13 January 2020
නිධන් සොයා කැණීම් කළ 6දෙනෙකු අත්අඩංගුවට කැකිරාව කොරසගල්ල ප්‍රදේශයේ නිවසක් අසළ නිධන් සොයා කැණීම් කළ පුද්ගලයින් 6දෙනෙකු අද (13) අත්අඩංගුවට ගත් බව කැකිරාව පොලිසිය කියයි. 13 January 2020
ශ්‍රී පාද පිවිසුම් මාර්ග පවිත්‍ර කරයි ශ්‍රී පාද පූජා භූමියේ නල්ලතන්නිය සහ රත්නපුර ප්‍රවේශ ආශ්රිත එක් දින ශ්‍රමදාන වැඩසටහන අද (19) සාර්ථකව ආරම්භ විය... 19 February 2026