(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
මෝටර් රථයක් ත්‍රී රෝද රථයක ගැටී සිදු වූ අනතුරත් සමඟ රියදුරන් දෙදෙනා අතර බහින් බස් වීමක් ඇති වී එය දුරදිග ගොස් ත්‍රී රෝද රථ රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් අද (13) මියගොස් ඇතැයි හෝමාගම පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ පන්නිපිටිය නවදගල පදිංචි නිහාල් භාරත නැමැති 68 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය කියයි.
මරණකරු තම ත්‍රී රෝද රථයෙන් කුලි ගමනක් යාම සඳහා නිවසින් පිටත්ව යන අතරතුරදී මෝටර් රථයක් ත්‍රී රෝද රථයේ ගැටී අනතුරක් සිදුව ඇතැයි පොලිසිය කියයි.
ත්‍රී රෝද රථයට වූ හානිය රක්ෂණ වන්දියක් හරහා සාදා ගන්නා ලෙස මෝටර් රථ රියදුරු පැවසීමත් සමඟ දෙදෙනා අතර බහින් බස් වීමක් ඇති වී එය දුරදිග යාමත් සමඟ එකවරම ත්‍රී රෝද රථ රියදුරුට හෘදයාබාධයක් ඇති වී ඇතැයි පොලිසිය පවසයි.
ඒ සමඟම ත්‍රී රෝද රථ රියදුරු හෝමාගම රෝහලට ඇතුළත් කිරීමට යාමේදී මෙසේ මියගොස් ඇතැයි පොලිසිය පැවසීය.
අනතුරට සම්බන්ධ මෝටර් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර හෙට (14) හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 නොවැම්බර් මස 17
26
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
874
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2507
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
අනතුරකින් පසු හෘදයාබාධයක් ඇතිවී ත්‍රීරෝද රථ රියදුරෙක් මරුට