IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


ගල් වලක් හේතුවෙන් රත්තොට නායයාමේ අවදානමක්

(මහේෂ් කීර්තිරත්න)

නකල්ස් ආශ්‍රිත පේරක කලාපයක් වන රත්තොට කලාපයේ ලොන්විල් ප්‍රදේශයේ ගල් වලක බෝරදැමීම හේතුවෙන් ප්‍රදේශයේ  නායයාමේ අවදානමක් මතුව තිබේ. මේ හේතුවෙන් විශාල පස් කඳු කඩාවැටෙන බවද, ජලයට ගල්කුඩු මිශ්‍රවන බවද, මේ වනවිට පවුල් 30ක් ප්‍රදේශයෙන් ඉවත් කිරීමට සිදුව ඇති බවද ඔවුහු කියති.
 
පසුගිය දිනක ගම්වාසීන් මීට එරෙහිව විරෝධතාවයක් පැවත් වූ අතර, වැසි දවස්වලට පමණක්  මේ පිළිබඳව සියලු දෙනා කතා කරන බවත් වැසි දිනය පහව ගිය පසු නැවත එවැනි තත්වයක් කතා නොකරන බවත් ගම්වාසීහු කියති.
 
රත්තොට ගම්වාසියකු වන රණවීර බණ්ඩා මහතා  අදහස් දක්වමින් මෙසේ පැවසීය.
 
“මේ ගමේ පවුල් 300කට අවදානම් කලාපයේ ඉන්නවා කියලා ඉවත් කළා. මගෙත් එක්ක ආව නිලධාරි ගිහිල්ල නාය යන තැන්  බැලුවේ. මම වගකීමෙන් කියනවා ඒ  නිලධාරින් සල්ලි ගන්නවා. ආණ්ඩුකාරිය තහනම් කරපු ගල්වල කොහොමද පටන් ගන්නේ. මාතලේ නිලධාරීන් නැතිව කොළඹ නිලධාරීන් ගෙනල්ල පරීක්ෂණයක් කරන්න කියන ඉල්ලීම කරනවා. රත්තොටට ම අවදානම් රතු නිවේදනත් තියෙනවා.  ඉතාම කනගාටු තත්වයක්” යැයිද කීය.
 
එම්. ජී. කරුණාවතී මහත්මිය මෙසේ පැවසුවාය.
 
“වැහි දවස්වලට අපි බයෙන් ඉන්නේ. දරුවොත් අරන් කොහෙද හදිස්සියට දුවන්නේ? මේක නාය යන කලාපයක් කරලා තියෙන්නේ. ධම්මික ගල්වලයි මේ ගල් වල නිසා  ඉඩම්වල ඉන්න බැරි තත්වයකුයි තියෙනවා. ගෙවල් පුපුරලා,  වතුර හිඳිලා, නාන ළිඳත් වැහිලා. කිව්වට කිසිම වැඩක් නැහැ අපිට හානියක් වුණොත් කවුද බලන්නේ. එන අය පින්තූර ගහනවා විතරයි  වැඩක් නැහැ” යැයිද පැවසීය.

රත්තොට ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී සිසිර  කුමාර මහතා (ජ.වි.පෙ) මේ සම්බන්ධයෙන් මෙසේ පැවසීය.
 
“රත්තොට කියන්නේ වැස්ස එන කාලයට අවදානම් කලාපයක්. වැස්ස එනකොටම බියෙන් සැකෙන් ඉන්නේ ජීවිත අවදානමක් එක්ක. කඳු නාය යන පැල්ලම් තියෙන  කලාපයක්. හැමතැනකම මේ ප්‍රශ්නය තියෙනවා. රත්තොට හැම ගල්වලකම මේ තත්වය තියෙනවා. භූ විද්‍යා සහතිකය අරන් සීමාව ඉක්මවලා වැඩ කරනවා. රාත්‍රී කාලේ වැඩ කරනවා. මේවා නියාමනය කරන ආයතන එකතුවෙලා වැඩ කරන්න අවශ්‍යයි. එක එක ආයතන වෙනම ක්‍රියාත්මක වෙනවා. මේ සියල්ලෙන් අසාධාරණයට ලක්වෙලා ඉන්නේ ජනතාව. මේවායේ අනතුර තියෙන්නේ ඉදිරි කාලයේදී. ඔක්කොම ටික නාය ගියාම බලා ගන්න පුලුවන් කෙරුම්කාරකම්” යැයිද කීය.
 
ගල්වලෙහි අයිතිකරු වයි. ජී. මහින්ද  බණ්ඩාර මහතා මෙලෙස පැවසීය.
 
“ඇතැම් පිරිස් මේ ගල්වල වහන්න උත්සාහ දරනවා බොරු චෝදනා කරලා. ඒ බව ඔප්පු වුණ අවස්ථාත් තියෙනවා. ගෙවල්වලට තමන් ගල් දා ගන්නවා. මාධ්‍යය නොමග යවනවා. පරීක්ෂණවලින් ඔප්පු වුනාම පාඩුවේ ඉන්නවා. බලපත්‍ර දෙන ආයතන ගණනාවක් තියෙනවා. සෑම ආයතනයකින්ම නියෝග දීලා තියෙනවා මේ විදිහට කරන්න කියලා. මේ ප්‍රශ්නත් එක්ක ආයතනවලින් බලපත්‍ර නවත්වනවා. අපිට ප්‍රශ්න තියෙනවා. පරීක්ෂනයක් කළොත් ඉදිරිපත් වෙනවා” ඔහු කියාසිටියේය .
 
රත්තොට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වත්මන් මන්ත්‍රී (එ.ජා.ප) අතුල වික්‍රමනායක මහතා මෙලෙස කීය.
 
“මේ ගල්වලවල්  ගැන හිතන්න ඕන මිට කලින් වහිනකොට. පායනකොට කිසිම කෙනෙක් ශබ්දයක් නැහැ ඉන්නවද නැද්ද කියලා දන්නේ නැහැ.  නිලධාරින්ට දොස් කියලා වැඩක් නැහැ.  ප්‍රාදේශීය සභාවට එන්නේ අවසානයට.  නිකරුණේ දොස් කියනවා හෝ අල්ලස් ගන්නවා කියන එක වැරදියි” යැයි අතුල වික්‍රමනායක මහතා කීහ.


 



අදහස් (0)

ගල් වලක් හේතුවෙන් රත්තොට නායයාමේ අවදානමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 26 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 874 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2507 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site