IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


‘‘වතු කම්කරුවන්ගේ වැඩිකළ වැටුප ගැන වතු සමාගම් සමඟ සාකච්ඡා කරනවා‘‘

(රංජිත් රාජපක්ෂ)

ජනාධිපතිවරයා විසින් වතු කම්කරුවන්ට වැඩිකළ රුපියල් 1000 ක වැටුප සම්බන්ධයෙන් ලබන සතියේ වතු සමාගම් සමඟ සාකච්ඡාවක් පවත්වන බව ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති සහ ප්‍රජා සවිබල ගැන්විමේ සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමන් මහතා පැවසීය.

තොණ්ඩමන් මහතා මේ බව පැවසුවේ අද (15) හැටන් කොටගල ලංකා කම්කරු කොංග්‍රස් මූලස්ථානයේ පැවති විශේෂ මාධ්‍යය හමුවකදීය.

මෙම මාධ්‍යය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක් වූ  ආරුමුගන් තොණ්ඩමන් මහතා කියා සිටියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණ සමයේ වතු කම්කරුවන්ට ලබාදෙන බවට පොරොන්දු වූ රුපියල් 1000 ක වැටුප මේ වන විට ලබා දීමට කටයුතු කර ඇති බවයි.

ජනාධිපතිවරණයේදී වතු කම්කරුවන්ගේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් පොරොන්දු වූ කටයුතු වලින් කොටසක් මේ වන විටත් තම අමාත්‍යංශය මගින් ආරම්භ කර ඇති බවත් වතුකරයේ විශ්ව විද්‍යාලයක් ඉදි කිරීම සම්බන්ධයෙන් මේ වන විට අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සමඟ සාකච්ඡා වට කිහිපයක් පැවැත් වූ බවත් තොණ්ඩමන් මහතා පැවසීය.

වත්මන් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පවත්වන කැබිනට් රැස්විම් වලදී ගන්නා කැබිනට් තීරණ ක්‍රියාවට නංවන බවත් වෙනත් ජනාධිපතිවරුන් ගන්නා තීරණ මෙන් නොව ගෝඨාභය රාජපක්ෂ මහතා ගන්නා තීරණ ක්‍රියාවට නැංවීමට අවශ්‍යය ප්‍රතිපාදනද රජය මගින් ලබාදෙන බවත් තොණ්ඩමන් මහතා කියා සිටියේය.

ඉදිරියේදී පැවැත්වෙන මහමැතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ශක්තිමත් රජයක් බිහි කිරීම සඳහා තම පක්ෂය කැප වීමෙන් කටයුතු කරන බවත් ආරුමුගන් තොණ්ඩමන් මහතා පැවසීය.

ඉකුත් රජය මගින් වතුකරයේ  සිදුකළ සංවර්ධන කටයුතු තමන් කිසිසේත් නතර නොකළ බවත් එම සංවර්ධන කටයුතු සේම වත්මන් රජය යටතේ නව සංවර්ධන කටයුතු තවදුරටත් සිදු කරගෙන යන බවත් තොණ්මන් මහතා සඳහන් කළේය.



අදහස් (1)

‘‘වතු කම්කරුවන්ගේ වැඩිකළ වැටුප ගැන වතු සමාගම් සමඟ සාකච්ඡා කරනවා‘‘

kamal koyrala Wednesday, 15 January 2020 03:01 PM

කම්කරුවන්ට දාහක් වැඩිකර නැහැ ,තිබුන 750 ට 350 වැඩි කරලා දැන් දිනක් වැටුප 1000

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 26 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 874 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2507 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site