IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


බදුල්ල කලාප අධ්‍යක්ෂකට ගුරු සංගමයෙන් චෝදනා

(එෆ්.අස්ලම්)
 
බදුල්ල අධ්‍යාපන කලාපයේ පුරප්පාඩුව තිබූ පාසල් 15කට ස්ථිර ශ්‍රේණිධාරී විදුහල්පතිවරුන් පත්කර ඇතත්, ඇතැම් විදුහල්පතිවරුන් ඒවායෙහි වැඩ බාරනොගැනීම සම්බන්ධයෙන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව ලංකා ගුරු සංගමය චෝදනා කරයි.

එම පාසල්වලින් පාසල් පහක වැඩබැලූ විදුහල්පතිවරුන් සිය ධූරවල තවදුරටත් රැ ඳීසිටින බැවින් මෙම ශ්‍රේණිධාරී විදුහල්පතිවරුන්ට වැඩබාරගැනීමට නොහැකි වී  ඇතැයි  ලංකා ගුරු සංගමය පවසයි.

මේ සම්බන්ධයෙන් සොයා බලා ක්‍රියාමාර්ග ගැනීමේ බලය ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යංශය මගින් බදුල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාට ලබාදී ඇති බවද, එසේ වුවද බලහත්කාරයෙන් ධූරවල සිටින විදුහල්පතිවරුන්ට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගෙන නැති බවද, එයින් බදුල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සරත් රණසිංහ මහතාගේ අකාර්යක්ෂමතාව  පිළිඹිබු වන බවද ලංකා ගුරු සංගමයේ බදුල්ල දිස්ත්‍රික් ලේකම් සරත් රත්නායක මහතා පැවසීය.

ශ්‍රේණිධාරී විදුහල්පතිවරුන් නොමැති වැඩ බලන විදුහල්පතිවරුන් යටතේ පැවති පාසල් 15කට ආසන්න සංඛ්‍යාවක් සදහා ඌව පළාත් අධ්‍යාපන ලේකම් සන්ධ්‍යා අඹන්වෙල මහත්මියගේ උපදෙස් හා නියෝග මත බදුල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විසින් ශ්‍රේණිධාරී විදුහල්පතිවරුන් පත්කර යවා ඇත්තේ දෙසැම්බර් 2 සහ ජනවාරි 02 යන දිනයන්ට සිට වැඩ බාරගැනීමේ නියෝගයද සහිතව ය.

බදුල්ල රාහුල මහා විද්‍යාලය, මලිත්ත මහා විද්‍යාලය, අම්පිටිකන්ද විද්‍යාලය,පෙරහෙට්ටිය විද්‍යාලය,කැන්දගොල්ල නවෝද්‍යා විද්‍යාලය යන පාසල්වල වැඩබලන විදුහල්පතිවරු, විදුහල්පතිධූරය ලබාදීම මේ වන තෙක් ප්‍රතික්ෂේප කරමින් කටයුතු කර සිටිති.

මේ සම්බන්ධයෙන් බදුල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාට පැමිණිලි කළද ඔහු ඒ පිළිබද යහපත් ප්‍රතිචාර නොදක්වන බවත් නියෝග නොතකන එම වැඩබලන විදුහල්පතිවරුන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව අධ්‍යක්ෂවරයාට ඇතත් එවන් ක්‍රියාමාර්ගයක් මේ තාක් ගෙන නැති බවත් ගුරු සංගමය සඳහන් කරයි.

මේ පිළිබද කතා කිරීමට යාමේ දී තමාට කිසිවක් කළ නොහැකි බව පවසා පොලිසිය කැටුව ගොස් ධූරවල වැඩ බාර ගන්නා ලෙසට අධ්‍යක්ෂවරයා උපදෙස් දෙන බවත් එලෙස බලහත්කාරයෙන් තනතුරු ගැනීමේ අවශ්‍යතාවක් නැති බවත් සරත් රත්නායක මහතා තවදුරටත් අවධාරණය කර සිටියි.

අධ්‍යක්ෂවරයාගේ මෙම ක්‍රියාකලාපය සම්බන්ධයෙන් බදුල්ල අධ්‍යාපන කලාපයේ පාසල් 112ක විදුහල්පතිවරුන් විරෝධය පළකරමින් (13) වනදා පැවති විදුහල්පති රැස්වීමද ප්‍රතික්ෂේප කළ බවත් සරත් රත්නායක මහතා කිය.

මෙකී ක්‍රියාකලාපය පිළිබදව ඌව පළාත් ආණ්ඩුකාරවර රාජා කොල්ලුරේ මහතා කඩිනම් අවධානය යොමුකළ යුතු බවද එම සංගමය අවධාරණය කර සිටීයි.



අදහස් (0)

බදුල්ල කලාප අධ්‍යක්ෂකට ගුරු සංගමයෙන් චෝදනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 26 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 874 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2507 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site