IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


රිවොල්වරයක් සමඟ අයෙක් අත්අඩංගුවට

(පුෂ්පකුමාර මල්ලවආරච්චි) 

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ ප්‍රධාන පෙලේ සාමාජිකයෙකු විදේශීය රටක නිෂ්පාදිත රිවොල්වර් වර්ගයේ ගිනි අවියක් සමඟ අද (13) කිරිදිවැල මයිලවලාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්බව බස්නාහිර පළාත් උතුර දිසා අපරාධ කොට්ඨාසය කියයි.

මයිලවලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සැකකරු කළක් ගුවන් හමුදාවේ සේවය කර ඇති බවත් දැනට වැලිකඩ බන්ධනාගාරගතව සිටින හංවැල්ල ප්‍රදේශයේ පදිංචි තිලිණ නැමැති අපරාධකරුගේ හිතවතෙකු බවත් එම ඒකකයට තොරතුරු අනාවරණය කරගෙන තිබේ. 

මෙම සැකකරු තිලිණ නැමැති පාතාල කල්ලි නායකයා වෙනුවෙන් මෙම රිවෝලවරය රුපියල් ලක්ෂයකට මිලදී ගෙන ඇති බවද මූලික පරීක්ෂණවලදී හෙළිකරගෙන ඇත.

සැකකරු කිරිදිවැල ප‍්‍රදේශයේ මත්කුඩු බෙදා හැරීමේ යෙදී ඇතැයිද තිලිණ නැමැත්තා බන්ධනාගාරයේ සිට එවන ලද මුදලකින් සැකකරු රිවෝල්වරය සඳහා මුදල් ගෙවා ඇති බවද දිසා අපරාධ කොට්ඨාසය කියයි.

වරකාපොල, කිරිදිවැල, පිටකොටුව, ගනේමුල්ල ,අලව්ව සහ කෑගල්ල යන පොලිස් ස්ථාවල විභාග වන නඩු ගණනාවක සැකකරුවෙකු බවද එම ඒකකයේ නිලධාරියෙකු පැවසීය.

සැකකරු හෙට (14) පූගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

 



අදහස් (0)

රිවොල්වරයක් සමඟ අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 26 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 874 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2507 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site